සිරිපා වදින්න අතිවිශේෂ ගැසට් නිවේදනයක්

257

සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය.එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වේ.සිරිපා වන්දනාව සඳහා මෙවර විශාල පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ද සෞඛ්‍ය අංශ විසින් ගෙන තිබේ.ඒ අනුව සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායාපිටපතක් ළඟ තබා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment