සිරිපා වැඳ ආපසු එද්දී – සීතාවක ගෙඟ් දිය නෑ  තරුණයෝ දෙදෙනා  දියේ ගිලී මරුට

316

සිරිපා වන්දනාවේ ගොස් ආපසු එමින් සිටි නඩයක පිරිසක් දෙහි ඕවිට යෝගම ප‍්‍රදේශයේ සීතාවක ගෙඟ් දියනෑමට ගොස් සිටියදී ඊයේ (27 දා) සවස ඉන් දෙදෙනකු දියේ ගිලී මරණයට පත්වී ඇති බව දෙහි ඕවිට පොලිසිය පවසයි.

ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ඔවුන් ගොඩට ගෙන අවිස්සාවේල්ල මූලික රෝහල කරා ගෙනයන විටත් මියගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

දියේ ගිලී මියගියේ කොළඹ 12 පදිංචි රවිශාන් නවෝද් කුමාර (අවු. 20) සහ රාජගිරියේ සුරේන් කුමාර (අවු. 20) යන දෙදෙනාය.

මෘත දේහයන්හි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවිස්සාවේල්ල මූලික රෝහලේ සිදුකිරීමට නියමිතය. දෙහි ඕවිට පොලිස් ස්ථානාධිපති පො.ප. ප‍්‍රසන්න සමරසේකර මහතා ඇතුලූ පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

දෙහි ඕවිට – ඩබ්ලිව්. එම්. තිලකරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment