සිරිපා සමය ඇරැඹේ

519

2021 – 2022 වසර සඳහා ශ‍්‍රී පාද වන්දනා වාරය ඉකුත් 18 දා උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වීමත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියෙන් ශ‍්‍රී පාදස්ථානය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ.

සිරිපා සමය ඇරැඹේ

එසේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන්ට හැටන් සිට නල්ලතන්නියට දක්වා ගමන් කිරීමට ප‍්‍රමාණවත් ලංගම බස්රථ එදින යොදවා නොතිබූ බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් පැවසීය.

මේ අතර ශ‍්‍රීපාද වන්දනා වාරය ආරම්භ වීමත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාදය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියහ.

සිරිපා සමය ඇරැඹේ

සෞඛ්‍ය මාර්ග උපදෙස්වලට අනුකූලව ශ‍්‍රීපාදය කරුණා කිරීම සඳහා මුඛ ආවරණ බෙදාදීමේ වැඩසටහනක් නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරය අසලදී එම විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් එදින දවස පුරා සිදු කරනු ලැබූහ.

නුවරඑළිය – නාලක රත්නායක, හැටන් – මනුර සුදත් සෙල්ලහේවා සහ මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment