සිරියානු හේවායෝ යුකේ‍්‍රන සටනට

1191

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, නැගෙනහිර යුක්රේනයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදීම සඳහා මැදපෙරදිග ස්වෙච්ඡුා භටයන්ට අවසර ලබා දී තිබේ.

 රුසියානු ආරක්ෂක අමාත්‍ය සෙර්ගෙයි ෂොයිගු පවසා ඇති පරිදි, සිරියාවේ සිට 16,000ක් දෙනා රුසියාව වෙනුවෙන් ස්වෙච්ඡුාවෙන් ඩොන්බාස් වෙත පැමිණීමට සූදානම්ව සිටියි. රුසියාව, යුද වැදීමට ඉතා හුරුපුරුදු සිරියානු රජයේ හමුදාවන්ට මුදල් ගෙවා යුක්රේනයේ සටන් කිරීම සඳහා යෙදවිය හැකි බවට ප‍්‍රකාශ වී තිබිණි. සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහාය දැක්වීමේ ප‍්‍රධාන කාර්යයභාරයක් රුසියාවේ ගුවන් හමුදාව සහ ඇතැම් විශේෂ හමුදා ඒකක ඉටුකර ඇත. මින් පෙර යුක්රේන රජය කියා සිටියේ රුසියානු හමුදාවට එරෙහි සටනට සහාය වීමේ කැමැත්තෙන් පසුවන විදේශිකයන්ගෙන් ස්වෙච්ඡුා බළකායක් පිහිටුවන බවයි. පුටින් කියා සිටියේ, ‘‘බටහිර අනුග‍්‍රාහකයන්” විසින් යුක්රේන ගැටුම සඳහා ‘‘විවෘතව, ජාත්‍යන්තර නීතියේ සියලූ සම්මතයන් උල්ලංඝනය කරමින්” කුලී හේවායන් බඳවා ගනිමින් සිටිනා බවයි. විරුද්ධ පාර්ශ්වයෙන් අත්පත්කර ගත් බටහිර ආයුධ – විශේෂයෙන්ම ජැවලින් යුද ටැංකි නාශක මිසයිල සහ ස්ටින්ජර් ගුවන් යානා නාශක මිසයිල – ඩොන්බාස්හි රුසියානු – ගැති සටන්කරුවන්ට ලබාදීමට ශොයිගු කළ යෝජනාවට ද ඔහු එකඟවිය.

advertistmentadvertistment
advertistmentadvertistment