සිරියාව හමුවේ ශී‍්‍ර ලංකාවට අමිහිරි පරාජයක්… ආසියානු කුසලාන පාපන්දු ශූරතාවට සුදුස්සන් තේරීමේ තරගාවලිය

258

ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ පිරිමි පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ මූලික වටයට අවතීරණ වෙමින් ශ‍්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයේදීම ගෝල් 05 – 00 ක අමිහිරි පරාජයක් අත්වි`දීමට සිදු විය.

කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර දී දැන් ක‍්‍රියාත්මක ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ශ‍්‍රී ලංකාවට එරෙහිව අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගැනීමට සිරියාවට හැකිවිය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 03 – 00 ක් ලෙස පෙරමුණේ පසු වූ සිරියාව දෙවන භාගයේ දී තවත් ගෝල් 02 ක් රැුස්කර ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

මෙම තරගය ඇරඹී 01, 25, 42, 70 සහ 85 මිනිත්තු වලදී අදාළ ගෝල් වාර්තා කර ගැනීමට සිරියානුවන් සමත් වූහ.

මෙදින කටාර් රාජ්‍ය සහ යේමනය අතර ක‍්‍රියාත්මක වූ ආරම්භක තරගයේ ජයග‍්‍රහණය ගෝල් 03 – 00 ක් ලෙස සටහන් කර ගැනීමට සත්කාරක කටාර් ක‍්‍රීඩකයන්ට හැකි වූහ.

ශ‍්‍රී ලංකා පිලේ මීළඟ තරගය හෙට (28 දා) කටාර් රාජ්‍යයට එරෙහිව පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment