සිරිල් ඔන්න බඹරු ඇවිත්!

422

සිරිල් ඔන්න බඹරු ඇවිත්! සිරිල් හොයාගෙන බඹරු විතරක් නෙවෙයි මී මැස්සොත් ආවේ විශේෂ දිනයක. ඒ සිරිල් වික‍්‍රමගේ නම් ප‍්‍රතිභාපූර්ණ කලාකරුවාගේ 90 වැනි ජන්ම දිනය දා. සිරිල් වික‍්‍රමගේ රංගන චරිකාවේ චිත්ත රූප නඟා මතකයට එන චරිත කොපමණ තිබ්බත් බඹරු ඇවිත් එහි මුලට ම එන්නෙ එය ඔහුගෙත් ආරම්භක අවධිය නිසා. සත්සමුදුර, සෙයිලම, බක්මහ අකුණු වගේම සිංහල ටෙලිනාට්‍ය වංශකතාවේ තිඹිරිගෙහි හදපු ‘‘පලිංගු මැණිකේ’’ නාට්‍යයේ ඔහුගෙ රංගනයත් මතකයෙන් නොමියෙන්නක්.

සිරිල් ඔන්න බඹරු ඇවිත්!

දැන් ජීවිතයේ සැදෑ සමය ගෙවමින් සිටින මේ විශිෂ්ට චරිතාංග නළුවා සොයාගෙන ඔහුගේ සමකාලීනයන් පිරිසක් පසුගියදා නොදන්වාම ඔහුගේ නිවසට පැමිණියා. එය කාටත් තුටු කඳුළින් පිරුණු රසබර මොහොතක් වුණේ අතීත මතකයන් දිගේ සිරිලි වික‍්‍රමගේ උපන්දින සැමරුම ගලාගෙන යද්දී. එහි උච්චතම අවස්ථාව උදා වුණේ එදා පලිගු මැණිකේ නාට්‍යයේ නඩයේ හිටපු පුංචි කොල්ලා දුරු රටක ඉඳන් නොදන්නවාම ඇවිත් ඔහුගෙ නිවස ඉදිරිපිට ප‍්‍රාදූර්භූත වූවා සේ සිරිල්ගෙ නිවස ඉස්සර සිටගත්දී. ඒ තමයි ඔහුගේ පුත් චන්දන වික‍්‍රමගේ. මේ ඡායාරූපවල තිබෙන්නෙ ඒ සුන්දර දසුන්.

advertistmentadvertistment
advertistmentadvertistment