සිරිල් ගාමිණි පියතුමාගෙන් ඊයේ තෙවැනි දිනටත් පැය 5ක් ප‍්‍රශ්න කරයි

164

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පාස්කු ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත්වූ බවට සිදුකළ බව කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ (22 දා) තෙවැනි දිනටත් පැය……….. තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

තවදුරටත් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් සිිරිල් ගාමිණී පියතුමන්ට තෙවැනි දිනටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබිණි. ඒ අනුව ඊයේ පෙරවරු 9.30 ට සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස ………….. පමණ වන තුරු ප‍්‍රශ්නකර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ කළ අතර මීට ඉහත දින දෙකකදී පැය 7 ක් සහ 8 ක් වශයෙන් සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment