සිරිල් ගාමිණි පියතුමා අද සීඅයිඩීය හමුවට

81

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පාස්කු ප‍්‍රහාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සිදුකළේ යැයි කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා අද (15 වැනිදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම් දීමක් කර ඇත.

ඊයේ (13 වැනිදා) මෙම දැනුම්දීම කර ඇති අතර අද පෙ.ව. 9.30 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිරිල් ගාමිණි පියතුමන් පෙනී සිටීමට නියමිතය.

රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී සුරේෂ් සලේ මහතා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සහරාන් ඇතුළු ත‍්‍රස්තවාදීන්ට උදව් උපකාර කළ බවට ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡුාවකදී සිරිල් ගාමිණි පියතුමන් විසින් චෝදනා එල්ල කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම් දීමක් කර තිබිණි.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි සිරිල් ගාමිණි පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළේය.

ඒ අනුව ති‍්‍රපුද්ගල විනිසුරු ම`ඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ අවස්ථාවේ සිරිල් ගාමිණි පියතුමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන බවයි.

ඒ අනුව ති‍්‍රපුද්ගල විනිසුරු ම`ඩුල්ල නියෝග කර තිබුණේ සිරිල් ගාමිණි පියතුමන්ට වෙනත් පහසු දිනයක් ලබාදී මෙම ප‍්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment