සිරිල් ගාමිණී පියතුමාගෙන් සීඅයිඩීය දෙවැනි දිනටත් ප‍්‍රශ්න කරයි

109

පාස්කු ප‍්‍රහාරය එල්ල කළ සැකකරුවන් සමග රාජ්‍ය බුද්ධි සේවය සම්බන්ධතා පැවැත්වූ බවට සිදු කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 වැනිදා) දෙවැනි දිනටත් පැය 8ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

රාජ්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලකට අනුව සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊයේ පැය 7 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන තිබිණි.

මෙම ප‍්‍රශ්න කිරීම් අවසන් නොවූ නිසා ඊයේ දිනයේ ද නැවත පෙනී සිටින ලෙස සිරිල් ගාමිණී පියතුමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරු 9.30 ට පමණ සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර සවස 5.30 පමණ වනතුරු එම පියතුමන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීම සිදුවිය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment