‘සිරිසඟබෝ රජු හිස දන්දුන් අත්තනගල්ල’ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීම අද

218

බෝසත් සිරිසඟබෝ මහරජතුමා බුදුබව පතා හිස දන්දුන් තැන පිළිබඳ විවිධාකාර මත පළ වී තිබේ. එහෙත් දඹදෙණි යුගයේ රචිත හත්ථවනගල්ල විහාරවංසයත් පූජාවලියත් ගම්පොළ යුගයේ රචිත එළු අත්තනගලු විහාරවංස ද්විත්වයත් ඇතුළු සංදේශ කාව්‍යයන්වලට අනුව මෙය සිදු වූයේ අත්තනගල්ලේ ම බව සනාථ කළ හැකි ය. එහෙත් මෑතක දී අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ආරිය ලගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ පර්යේෂණයේ දී පැරණි මතය විකෘති කොට දක්වා තිබේ. මෙම පර්යේෂණයේ ඇති අශාස්ත්‍රීය නිගමනවලින් තොර හා අව්‍යක්ත සංකල්පීය බව එය කියවන ඕනෑම විද්වත් පාඨකයකුට අවබෝධ වනු ඇත.

‘සිරිසඟබෝ රජු හිස දන්දුන් අත්තනගල්ල’ ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථය දොරට වැඩීම අද
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමි

කෙසේ වෙතත් සිරිසඟබෝ රජු හිස දන් දුන් සැබෑ අත්තනගල්ල කුමක්දැයි සනාථ කරනු වස් විද්වත් මහාචාර්ය මණ්ඩලයක් විසින් අත්තනගල්ල රාජමහා විහාරයේ ඓතිහාසිකත්වය හා පෞරාණිකත්වය නිසි පරිදි අපක්ෂපාතීව තහවුරු කරමින් රචනා කරන ලද “සිරිසඟබෝ රජු හිස දන්දුන් අත්තනගල්ල”නමැති ශාස්ත්‍රීය හා පර්යේෂණාත්මක ග්‍රන්ථය දොරට වැඩීමේ මහෝත්සවය ලබන 26 වැනි දින පස්වරු 2.00ට අත්තනගල්ල රාජමහා විහාරස්ථ පිරිවෙන් ශාලාවේ දී පැවැත්වේ.

මෙම මහෝත්සවයට ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක, නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමිපාණන් වහන්සේ හා ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ රාජකීය අනුනායක, දිඹුල්කුඹුරේ විමලම්ම නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ත්‍රෛනිකායික මහානායක අනුනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයත් දිවයිනේ විවිධ වූ විද්වත් ප්‍රභූ පිරිසත් සහභාගි වීමට නියමිතව තිබේ. අත්තනගල්ල රජමහා විහාරාධිපති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් අද (26) යෙදෙන 76 වැනි ජන්ම දිනයට සමගාමීව එළිදක්වන මෙම ග්‍රන්ථය විද්වත් මඬුල්ලක් විසින් සම්පාදනය කර තිබේ.

සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment