සිරුරට ගිනිතබා ගත් සොයිසාපුර උසස් පෙළ සිසුවා රෝහල්ගත කරයි

407

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළදී 19 හැවිරිදි පිරිමි දරුවකු සිය සිරුරට ගිනි තබා ගැනීමෙන් පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

ඊයේ (07 වැනිදා) පස්වරු 1.30 ට පමණ මෙම සිද්ධිය සිදුවී තිබේ.

සිද්ධිය වන අවස්ථාවේ එම දරුවාගේ පියා රැුකියාවට ගොස් ඇති බවත්, මව අනෙක් සොයුරා රැුගෙන ඒමට පාසලට ගොස් ඇති බවත් හෙළිවිණැයි පොලිසිය කියයි. මෙලෙස ගිනි තබාගත් දරුවා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිට ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.

එකවර දුමක් නිවසින් පැමිණීම ගැන සැක සිතූ අසල්වාසීන් නිවසට ඇතුල් වී ගින්න නිවා දමා දරුවා ව රෝහල කරා පිටත් කර හැරීමට පියවර ගත්හ. දරුවා මෙලෙස ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නැත. මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන ප‍්‍ර.පො.ප. දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. චන්ද්‍රසිරි මහතාගේ මෙහෙය වීමෙන් පොලිස් කොස්තාපල්වරු වන විජේබණ්ඩාර (69679), ශිවන්ත (78800) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ එච්. පී. ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment