සිරුරට ගිනි තබාගත් සරණාගතයා කඳවුරටත් ගිනි තියයි  

313

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විශේෂ කඳවුරක රඳවා සිටින පුද්ගලයකු ඔහුගේ සිරුරට ගිනි තබා ගෙන කඳවුරට ද ගිනි තැබීමට 27 දා උත්සහ කර තිබේ.

පසුව මෙම පුද්ගලයා බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කඳවුරේ ගින්න සෙසු පිරිස විසින් නිවා දමා තිබේ.

මීට පෙර අවස්ථා හතරකදී පුද්ගලයන් සිය සිරුරුවලට ගිනි තබාගෙන ඉන්දීය බලධාරීන්ට විරෝධය පළ කර ඇත්තේ ඔවුන් ත්‍රිචී විශේෂ කඳවුරෙන් නිදහස් කර සාමාන්‍ය කඳවුරකට ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි.

ත්‍රිචී විශේෂ සරණාගත කඳවුරේ රඳවා සිටින්නේ ශ්‍රී ලාංකික සරණාගතයන්ගෙන් මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් වන අතර මෙවර ගිනි තබා ගෙන ඇත්තේ ද මත්ද්‍රව්‍ය චෝදනාවකට ලක් වූ උමා රමණන් නමැති අයෙකි.

මේ වන විටත් එම කඳවුරේ රඳවා සිටින පුද්ගලයන් 107 දෙනකුගෙන් 24දෙනකු ඔවුන් විශේෂ කඳවුරෙන් නිදහස් කර සාමාන්‍ය කඳවුරකට දමන ලෙස ඉල්ලා විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment