සිරුරට හිතකර පොල්කිරි

558

මාළුවලට වඩා මාළු පිසගත් හොද්ද රස යැයි සමහරු පවසති. මෙහි ඇති රහස වන්නේ මාළු පිසගැනීම සඳහා භාවිත කරන පොල්කිරිවල අඩංගු මේදය මගින් මාළුවල ඇති සැඟවුණු රස කාරක හා ඖෂධ කාරක වෙන්කර ගැනීමේ හැකියාව ය.

 මෙය පොල්කිරිවල ඇති විශේෂ ගුණයකි. පොල්කිරිවල අඩංගු සංතෘප්ත මේදය අපගේ සිරුරට සහ ජීර්ණ පද්ධතියට හිතකරය.

 එහෙයින් පිටි කළ කිරි වෙනුවට ආහාර පිසීමට පොල්කිරි භාවිතය මගින් ශරීරයට ඇතිවන රෝග අවදානම අවම කර ගත හැකිය. එසේම අපගේ ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ද ලැබේ.

 පොල්කිරිවල අඩංගු සිරුරට ඉතා හිතකාමී ක්ලෝරික් අම්ලය මොළයේ වර්ධනයට සහ අස්ථි වර්ධනයට ද උපකාරී වේ. එසේම එමගින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි. රුධිර වාහිනි පද්ධතියට බලපෑම් ඇතිකරන කොලෙස්ටරෝල් තැන්පත්වීම අවම කරයි. ශරීරයට අහිතකර බැක්ටීරියා හා වෛරස වර්ග සමඟ සටන් කර ඒවා අඩපණ කිරීමට ද ක්ලෝරික් අම්ලයට හැකියාව ඇත.

 එසේම පොල්කිරිවල පිළිකා මර්දනය කිරීමේ ගුණය ද ඇති බව වෛiවරු පර්යේෂණ මගින් හඳුනාගෙන තිබේ. පොල් කිරිවල විටමින් බී, සී හා ඊ අඩංගුය. ඛනිජ ලවණ ද විශාල ප්‍රමාණයක් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment