සිරුරේ මතු වූ විඩාව නැති කර ගැනීම

542

නිවස තුළට ම හෝ කාර්යාලය තුළට ම සිරවී නොසිට හොඳින් ගහකොළ පිරි පරිසරයක පැයක් පමණ කාලය ගත කිරීමට වෙන් කරගත යුතුය. එවිට පරිසරයෙන් ලැබෙන පිරිසිදු වාතය මගින් පෙණහලූ කි‍්‍රයාකාරීත්වය වැඩි කරයි. ඉන් පෙණහලූ තුළ මතුව ඇති දුර්වලතා ද අවම කරගත හැකිය. ගහකොළ සමග සිටින විට මනසට ද විවේකයක් සහ සැහැල්ලූවක් දැනේ

සිරුර විඩාවට පත් වී ඇති බවක් දැනෙන බව ඔබට හැෙඟ් නම් ඒ සම්බන්ධව නිසි අවධානයක් යොමු කළ යුතුය. මන්දයත් එසේ සිරුර විඩාවට පත්ව තිබීමට හේතු රාශියක් බලපාන බව හඳුනාගෙන ඇත.

 වෛද්‍යතුමනි, සිරුර විඩාවට පත්වීමට බලපාන හේතු මොනවද?

 සිරුර විඩාවට පත්වීම සඳහා බලපාන හේතු රාශියක් ඇත. එය ශාරීරිකව විඩාවට පත්වීමක් විය හැකිය. එසේත් නැති නම් මානසිකව විඩාවට පත්වීමක් විය හැකිය.

 අප බොහෝ දෙනා විඩාව ලෙස පවසන්නේ ඇඟපතෙහි ඇති වන අප‍්‍රාණික බවකි. මෙම අප‍්‍රාණික බව ශාරීරිකව ඇතිවීමට බලපාන හේතු වන්නේ කිසියම් ආසාදන රෝගයකින් පසු සිරුරේ ඇතිවන දුර්වලතාවන්ය. විශේෂයෙන්ම ශ්වසනස මාර්ගය ආශි‍්‍රතව ඇතිවන ආසාදනවල දී මෙය දැඩිව මතු වේ. එවිට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා කිසියම් වෙහෙසකර කටයුත්තක නිරත වනවිට වෙනදාට වඩා ඉක්මනින් විඩාබර බවක් ඇති වේ. එනම් ඇඟපත වේදනාව, අප‍්‍රාණික බව, නිදිමත බව හෝ අලස බව දැනේ.

 කිසියම් මානසික පීඩාවකින් පෙළෙන විට ද මෙවැනි ඇඟපත අප‍්‍රාණික බවක් නිදිමතක් හෝ අලස බවක් මතු වේ. මෙහිදී මතුවන මානසික පීඩාවනට බොහෝ සේ හේතු වන්නේ තමාගේ සමීපතමයකුගේ වියෝවක් හෝ වෙන්ව යෑමක්. තමා පි‍්‍රය කරන දෙයක් නොලැබී යෑමක් වැනි අවස්ථාවකදීය. වෙනත් මානසික පීඩාවලදී ඉහත වෙනස්වීම්වලට අමතරව ඉක්මන් කෝපය ඇති වේ. මෙහිදී කෝපයක් මතුවන්නේ නැත. මතු වන්නේ අලස බවකි.

 වර්තමානයේ පවතින කොවිඞ් රෝගය වැළඳුණු බොහෝ දෙනකු රෝගය සුව වූ පසු මෙලෙස සිරුරට විඩාවක් දැනෙන බව පවසනු නිතර අසන්නට ලැබේ.

 ඊට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ කොවිඞ් රෝගය වැළඳුණු බොහෝ දෙනකුගේ පෙණහලූ ආශි‍්‍රතව මතුව ඇති දුර්වලතාවන්ය.

 වෛද්‍යතුමනි, මෙවැනි විඩාවන් හමුවේ ගතයුතු ප‍්‍රතිකාර මොනවාද?

 මේ සඳහා විශේෂ ප‍්‍රතිකාර අවශ්‍ය නැත. ප‍්‍රධාන වශයෙන්ම කළ යුත්තේ සිරුරට ගුණ දෙන ආහාර පාන දිනපතා ගැනීමය. විශේෂයෙන්ම කොළ පැහැති එළවළු, පලා වර්ග ආහාරයට ගැනීම සුදුසුය. එහිදී ගොටුකොළ, මඤ්ඤොක්කා දලූ මැල්ලූම්, කතුරුමුරුංගා කොළ මැල්ලූම් ආදිය දිනපතා ආහාර වේලට එක්කර ගැනීම සුදුසුය.

 නිතර පොල් වතුර පානය කළ හැකි නම් එයත් ගුණදායකය. එසේම තැඹිලි වතුර ද පානය සුදුසුයි. කොත්තමල්ලි සහ වෙනිවැල්ගැට එක්කර තම්බා ගත් වතුර උණුසුම්ව පානය මගින් සිරුරේ පවතින අලස බව, තෙහෙට්ටුව ආදිය දුරු වී යයි.

 මෙවැනි විඩාවකදී ශරීරය වෙනදා මෙන් වෙහෙස කරවීම සිදු නොකර සිටීම ටික කාලයක් යන තුරු කළ යුතුය. එතෙක් වෙනදා කළ වෙහෙස කර කටයුතුවලින් සියයට 75 ක් පමණ යෙදිය හැකිය.

 නිතරම මද රස්නයෙන් යුත් ජලය පානය කළ යුතුය. ඇල් ජලය හෝ ශීත කළ ජලය පානය ගුණදායි නැත.

 කෙසෙල්මුව, කෙසෙල් බඩ, වෑංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීම මගින් මෙවැනි රෝගීනට ගුණදායකය. ඉන් සිරුරෙහි අම්ලපිත්ත බව ඉහළ ගොස් ඇත්නම් එය පහත හෙළයි. බඩවැල් ආශි‍්‍රතව යම් දුර්වලතාවක් පවතී නම් එය නැති කරයි.

 නිවස තුළට ම හෝ කාර්යාලය තුළට ම සිරවී නොසිට හොඳින් ගහකොළ පිරි පරිසරයක පැයක් පමණ කාලය ගත කිරීමට වෙන් කරගත යුතුය. එවිට පරිසරයෙන් ලැබෙන පිරිසිදු වාතය මගින් පෙණහලූ කි‍්‍රයාකාරීත්වය වැඩි කරයි. ඉන් පෙණහලූ තුළ මතුව ඇති දුර්වලතා ද අවම කරගත හැකිය. ගහකොළ සමග සිටින විට මනසට ද විවේකයක් සහ සැහැල්ලූවක් දැනේ. එවිට පවතින මානසික පීඩාවන් ද දුරු වී යයි. මෙවැනි විඩාවකදී බොහෝ දෙනා උත්සාහ කරන්නේ ඇඳකට වී නිදා ගැනීමය.

 එය එතරම් සුදුසු නැත. ඉන් සිරුරට තව තවත් විඩාබර බවක් ඇති වේ. මෙම විඩාබර බව මතුව ඇත්තේ රෝගයක් නිසා නොව, රෝගයකින් පසුය. ඒ නිසා රෝග අවස්ථාවකදී මෙන් නිතර ඇඳ විවේකයක් අවශ්‍ය නැත.

සිරුරේ මතු වූ විඩාව නැති කර ගැනීම

advertistmentadvertistment
advertistmentadvertistment