සිරුර හෙට ගොඩ ගැනේ

727

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී ලිංගික අපයෝජනයට සහ කෲර වධහිංසාවන්ට ලක්වීමෙන් පසු පිළිස්සී අභිරහස් අන්දමින් මියගිය බාලවයස්කාර දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා හෙට (30 දා* ගොඩගැනීමට නියමිතය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පත්කළ ති‍්‍රපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ මෙම දැරියගේ සිරුර ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පත්කළ ත‍්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයට, කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පීඨයේ පීඨාධිපති සමීර ගුණවර්ධන, මහනුවර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප‍්‍රභාත් සේනසිංහ යන මහත්වරුන් ද ඇතුළත්ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නම් කිරිම මත නීතිපති නිර්දේශ මත මෙම විශේෂඥ කමිටුව පත්කර ඇත.

මෙම දැරිය පිළිස්සී මියයෑමෙන් පසු ඇගේ සිරුර පිළිබඳ මුල්ම පශ්චාත් මරණ පරීක්ෂණය මුස්ලිම් ජාතික වෛද්‍යවරයකු විසින් පවත්වා තිබිණි.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේ යම් යම් දෝෂ සහගත බව කියමින් ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂ වෛද්‍ය කමිටුවක් ඉදිරියේ නැවත පවත්වන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

මෙහිදී අදාළ දැරිය මියගිය ආකාරය, ඇය ¥ෂණයට ලක්වී තිබේ නම් එම කාල පරිච්ෙඡ්දය හා දැරියට කෲර වධහිංසා හෝ වෙනත් කරුණු සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලය මගින් වාර්තා ලබා ගැනීමට නියමිතය.

සිරුර ගොඩගන්නා අවස්ථාවට ප‍්‍රදේශයේ මහෙස්ත‍්‍රාත්වරයා සහ කේෂ්ත‍්‍රයේ විශේෂඥයන් පිරිසක් ද එක්වීමට නියමිතව ඇත. ඒ අනුව අභිරහස් අන්දමින් මියගිය 16 හැවිරිදි ජූඞ් කුමාර් ඉෂාලිනි ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පවත්වන ලෙස අධිකරණය නියෝග කළේය. ඒ අනුව මෙම දැරියගේ සිරුර වළදැමූ ගමන් ඩයගම ප‍්‍රදේශයේ සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය කටයුතු කළේය.

හෙට දින පෙරවරුවේ මෙම දැරියගේ සිරුර නැවත ගොඩගෙන එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෘත ශරීරාගාරය වෙත රැුගෙන යෑමට නියමිතය.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන, සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment