සිලින්ඩරයත් ළිපත් මිදුලේ තියලා ත‍්‍රීවිල් මල්ලී පණ එපා කියා දුවලා!

680

මොහු දෙදරු පියෙකි. පදිංචිය කුරුණෑගලට නුදුරු ගමකය. රාජකාරි කටයුතු සඳහා ත‍්‍රිකුණාමලයට මාරුවක් ලද ඔහු නිවසට ආවේ මසකට වරකි.

‘‘තාත්තේ කෝල් එකක්’’ පොඩි පුතු දිවගෙන ඇවිත් පියාගේ ජංගම දුරකථනය අතට දුන්නේය.

ඒ ඇමතුමට උත්තර දුන් මේ කියන පියාගේ හැසිරීම අමුතුය. බිරිඳට යම් ඉවක් දැනිණි. නමුත් ඇය ඒ බවක් පෙන්නුවේ නැත.

එදා උදේ සිට දෙතුන් වතාවක්ම ඒ ඇමතුම ලැබිණි. එහා කෙළවරේ සිටියේ කාන්තාවකි. දෙදෙනාගේ කතාබහ රාජකාරිවලට එහාගිය එකකැයි බිරිඳට සිතිණි.

මේ ඇමතුම මුල් කරගෙන අඹුසැමි දබරය ඇවිලී ගියේ බඹරයට ගල්ගැසූ පරිදිය.

‘‘තමුසෙ පත්තිනි අම්මද?’’ දඹරය කෙළවර වූයේ ගමන් බෑගයත් ගෙන සැමියා ත‍්‍රිකුණාමලයට යන්නට මිදුලට බැසගත් පසුවය.

සැමියා හන්දියට ගොස් හඳුනන ත‍්‍රිරෝද රථයකට කතාකර නිවසට අළුත් ගෑස් සිලින්ඩරයක් හා ළිපක් මිලදී ගෙන එව්වේ… දින කිහිපයකට පෙර නිවසේ තිබූ ළිප පුපුරායෑම නිසාය.

ත‍්‍රිරෝද රථය මිදුලේ නතර කළ පසු ගෑස් ළිපත් සිලින්ඩරයත් එළියට ගත්තේ ත‍්‍රිරෝද රථ රියදුරුය.

‘‘මහත්තයා ත‍්‍රිකුණාමලේ ගියා. මේක ගෙදරට බාරදෙන්න කිව්වා’’. ත‍්‍රිරෝද රථ රියැදුරු කියා සිටියේය.

තමුසෙට පිස්සුද? ඔය මනුස්සයා ඕක එවලා තියෙන්නෙ අපිව මරලා දාන්න. බිරිඳ කොස්ස අතට ගත්තේ ත‍්‍රිරෝද රථ රියැදුරු පණ එපා කියලා ති‍්‍රරෝද රථයේ නැගී පළා යද්දීය.

පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment