‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලියේ  – තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරග අද සහ හෙට

116

එළඹෙන මාර්තු මස 05 දින පැවැත්වීමට නියමිත ‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’ අන්තර් පළාත් පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය සඳහා වරම් ලබා ගැනීමේ සටනින් පෙරමුණ ගැනීමට සබරගමුව සහ උතුර යන කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලියේ  - තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරග අද සහ හෙට

දකුණු පළාත් කණ්ඩායම ගෝල් 01 – 00 කින් පරාජය කරමින් සබරගමුව පළාත් කණ්ඩායම ද නැගෙනහිර පළාත් කණ්ඩායම ගෝල් 01 – 00 කින් පරාජයට පත් කරමින් උතුරු පළාත් කණ්ඩායම ද මෙසේ පෙරමුණ ගැනීමට සමත් විය.

‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලියේ  - තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරග අද සහ හෙට

මෙවර තරගාවලියේ අවසාන මහා සටන වෙනුවෙන් සුදුස්සන් තෝරා ගැනීමට ද්විත්ව අවසන් පූර්ව තරග වටයක් ක‍්‍රියාත්මක කිරීමට සංවිධායකයින් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවරගෙන තිබේ.

‘සිලෝන් නිදහස් අභියෝග කුසලාන’ පාපන්දු තරගාවලියේ  - තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරග අද සහ හෙට

ඒ අනුව යමින් යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවති උතුර සහ නැගෙනහිර අතර තරගයේදී කේ.තෙනුෂාන් රැුස්කළ ගෝලයත් සමගින් 01 – 00 ක ජයග‍්‍රහණයක් උතුරු පළාත සතු විය.

මෙම දෙපිල අතර දෙවන අවසන් පූර්ව තරග හමුව මාර්තු 01 (අද* ප.ව. 03.30 ට දින අම්පාර විශ්ව විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

දකුණට එරෙහිව ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණය පිටියේ දී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ඒ.එච්.එම්.මුෂිෆික් ගේ ගෝලයෙන් පෙරමුණ ගත් සබරගමුව පළාත ට ගෝල් 01 – 00 ක ජයග‍්‍රහණයක් හිමි විය.

මෙම දෙපිලේ දෙවන අවසන් පූර්ව තරගය මාර්තු 02 (හෙට* ප.ව. 03.30 ට රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් පරාජය ලැබූ නැගෙනහිර පළාතට සහ දකුණු පළාතට මෙවර තීරණාත්මක අවසන් තරගයට වරම් ලබා ගැනීමට නම් ප‍්‍රතිවාදී උතුරු පළාත සහ සබරගමුව පළාත ගෝල් 02 ක පරතරයක් ඇතිව පරාජය කිරීම අනිවාර්යය වේ.

උතුර සහ නැගෙනහිර අතර තරගය ජය පරාජයෙන්ව තොරව නිමා වුවහොත් උතුරු පළාත ද සබරගමුව සහ දකුණ අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුවහොත් සබරගමුව පළාත ද මෙවර අවසන් තරගයට පහසුවෙන් ළඟා වීමට නියමිතය. ඒ පසුගිය අවසන් පූර්ව තරගය ජය ගැනීම හේතුවෙනි.

උතුරට එරෙහිව අද තරගයේ දී ගෝල් 01 – 00 කින් නැගෙනහිර ජය ගතහොත් සහ හෙට තරගයේ දී සබරගමුවට එරෙහිව දකුණ ගෝල් 01 – 00 කින් ජය ගතහොත් මෙවර අවසන් තරගයට සුදුස්සන් තෝරා ගැනීම උදෙසා දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව උපයෝගී කර ගැනීමට සිදුවේ.

එහිදී එක් පිලකට දඬුවම් පහර 05 බැගින් එල්ල කිරීමට අවස්ථාව උදාවේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment