සිලෝන් බිස්කට් නිර්මාතෘ දැයෙන් සමුගනී

370

මෙරට ව්‍යාපාරික ඉතිහාසයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගෙන සිටින සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

1968 වර්ෂයේදී මෙරට දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම වැළැක්වීම සඳහා පෝෂ්‍යදායී බිස්කට් නිෂ්පාදනය කරමින් එය පාසල් හරහා දරුවන් අතර බෙදා හැරීමට පියවර ගත්තේ ද CBL සමාගම විසිනි. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිවය.

ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් ගොඩ නැගීම අරමුණ කර ගනිමින් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට පිවිසි මිනේක වික්‍රමසිංහ මහතා සිය CBL සමූහ ව්‍යාපාරය තුළින් ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ඉහළටම පැමිණියේ ඔහු තුළ තිබූ කැපවීම සහ මානුෂික ගුණාංගවලින් හෙබි පුද්ගලයකු නිසාවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment