සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය වන අතර, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයටද අනුබද්ධිතය. ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ බලයලත් ඒජන්තවරුන්ගෙන් සමන්විත සාමාජිකත්වයක් ඇති මෙම සංගමයෙ හි 102 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පවත්වන ලදි.
සී / ස ස්ටැෆර්ඩ් මෝටර්ස් පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ චාරක පෙරේරා මහතා CMTA හි සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී, විරාන් ද සොයිසා මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත්, Kia මෝටර්ස් ලංකා පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ඇන්ඩෘ පෙරේරා මහතා උප සභාපති ලෙස තේරී පත් විය. Carmart පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී යසේන්ද්‍ර අමරසිංහ මහතා සංගමයේ හිටපු සභාපතිවරයා වේ.
2022/2023 වසර සඳහා විධායක කමිටුව වෙනුවෙන් මැක්ලරන්ස් ලුබ්රිකන්ට්ස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ, බ්රි පොන්නම්බලම් මහතා, සෙනොක් ට්‍රේඩර්ස් කම්බයින් පුද්ගලික සමාගමේ විකුණුම් සහ අලෙවි අධ්යක්ෂ රීසා රවුෆ් මහතා, ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මනෝහර අතුකෝරල මහතා, යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි සාමාන්‍යාධිකාරී ගිහාන් පිලපිටිය මහතා, ඩ්‍රයිව් වන් (පුද්ගලික) සමාගමේ විකුණුම් සහ අලෙවි ප්‍රධානී සර්හාන් ප්‍රනාන්දු මහතා, ද ඔටෝඩ්‍රෝම් පීඑල්සී හි සම කළමනාකාර අධ්යක්ෂ රජීව් ඇලෝසියස් මහතා, ඇක්සස් මෝටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී පෙරේරා මහතා, සතොස මෝටර්ස් PLC හි විධායක අධ්යක්ෂ ප්‍රියන්ත පෙරේරා මහතා, සීමාසහිත ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලක්මාල් ද සිල්වා මහතා, ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගමේ සාමාන්‍යාධිකාරී තරංග ගුණවර්ධන මහතා සහ IWS හෝල්ඩින්ග්ස් මෝටර්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි – ඔටෝමොබයිල්ස්, ටෙරන්ක කරීම් මහතා යන අය තේරී පත් විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන එහි සහකාර මහ ලේකම් රොහාන් කැසීචෙට්ටි මහතා CMTA හි ලේකම් ධූරය දරයි.ගෙවී ගිය අභියෝගාත්මක වසර දෙකක කාලය තුළ CMTA සමාජිකයින් බොහෝ බාධක මධ්‍යයේ වූවත් සංගමයේ අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩ නැගීමට විශාල දායකත්වයක් ලබා දුන් බව CMTA සාමාජිකයින් අමතමින් යසේන්ද්‍ර අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.