සිව්කොන් කුසලාන ගොල්ෆ් තරගාවලිය ලබන 04 සහ 05 දෙදින

73

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සහ එස්එල්ටී මොබිටෙල්, පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රාහක දායක ශක්තිය ඇතිව සංවිධානය කරනු ලබන 2022 සිව්කොන් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරගාවලිය ලබන මස 04 සහ 05 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායට සමීප චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

රට තුළ පැවති වසංගත සහ ජාතික අභියෝග හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ පසුබෑමකට ලක්වූ ගෝල්ෆ් ක්‍රීඩාව නංවාලීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම
තරගාවලිය සංවිධානය කරනු ලබයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ හතරකින් සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බැගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනකුට ආසන්න පිරිසක් ඊගල්ස් සිව්කොන් කුසලානයටද සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුට ආසන්න පිරිසක් ඊගල්ස් -ක්‍මඉ විවෘත කුසලානය සඳහා කේවල වශයෙන් තරග වැදීමට නියමිතව ඇත.

මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා කුසලාන හා ත්‍යාග පිරිනැමීමේ උත්සවය ලබන මස 05 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා ලියාපදිංචි කිරීම් අද (28 වැනිදා) දිනෙන් අවසන් වේ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment