සිව්දින තරගාවලියේ තෙවැනි සිව්වැනි තරග අද සිට

117

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි තරග කොළඹ දී අද (26 වැනිදා) සිට ආරම්භ වේ.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සහ කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේදී මෙම තරග පැවැත්වෙන අතර එහිදී පළමු වරට යාපනය කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ අද තරග වැදීමට නියමිතය.

ඒ අනුව යාපනය සහ දඹුල්ල අද එස් එස් සී පිටියේ දී තරග වදින අතර නුවර සහ ගාල්ල කණ්ඩායම් පී.සරා ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

තරගාවලියේ සමාරම්භක තරග ලෙස කොළඹ සහ නුවර කණ්ඩායම ද, දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම ද තරගාවලිය යටතේ තරග වැදුණි.

එම තරග දෙකේදී ඉනිමක ජයග්‍රහණ වාර්තා කිරීමට නුවර සහ ගාල්ල කණ්ඩායම් සමත් විණි.

advertistmentadvertistment
advertistmentadvertistment