සිව්දින තරගාවලියේ සිව්වැනි සතිය අද ඇරඹේ

74

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් එම තරගාවලියේ මේ වන විට පෙරමුණේ පසුවන ගාල්ල ක්‍රිකට් කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) උදෑසන 10 ට කොළඹ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

මෙතෙක් තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ඇති ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු 36.165ක් හිමිකරගෙන සිටින අතර තමන් සහභාගි වූ තරග දෙකෙන් එක් තරගයක් හෝ ජය ගෙන නොමැති කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හතර වන ස්ථානයේ පසු වේ.

එක් පරාජයක් සහ එක් තරගයක් ද සමග ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ පසු වන ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14.925කි.

අද පැවැත්වෙන අනෙක් තරගය වන්නේ නුවර කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර තරගයයි. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී එම කණ්ඩායම් දෙක තරග වැදීමට නියමිත අතර නුවර කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයේ පසු වේ. මෙතෙක් තමන් සහභාගි වූ තරග තුනෙන් එක් තරගයක් ජයග්‍රහණය කර තවත් තරගයක් අත් හරින ලද ලෙස සලකන නුවර කණ්ඩායම එක් පරාජයක්ද සමග ප්‍රසාද ලකුණු 22.945ක් හිමි කරගෙන ඇත.

ඔවුන්ගේ ප්‍රතිවාදියා වන යාපනය කණ්ඩායම එක් තරගයක් හෝ ජය ගැනීමට අපොහොසත් වී ඇති අතර ඔවුන් සහභාගි වූ තරග දෙකෙන් එකක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර අනෙක් තරගයෙන් පරාජය වී තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන යාපනය කණ්ඩායම හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7.945කි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment