සිව් හැවිරිදි දැරියට අතවර කළ පෙර පාසල් පාලිකාවගේ සැමියාට නීතිය තදින් ඕනෑ – දෙමාපියෝ පාසල ඉදිරිපිට උද්ඝෝෂණ

104

වරකාපොළ, තුල්හිරිය, නාංගල්ල ප්‍රදේශයේ වයස අවුරුදු හතරක දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවගේ සැමියා, වරකාපොළ පාසල් ළමුන් ප්‍රවාහන බස්රථ සංගමයේ සභාපති වන 74 වියැති සැකකරු සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශයේ දෙමාපියන් පිරිසක් ඊයේ (02 දා) එම පෙර පාසල අසල විරෝධතාවක නිරත විය.

ඉකුත් 30 දා මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පෙර පාසල ඉදිරිපිටට පැමිණි ප්‍රදේශයේ දෙමාපියන් බැනර්, පුවරු ප්‍රදර්ශනය කරමින් පවසා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි සාපරාධී ක්‍රියා සිදුවීම වැළැක්වීමටත්, මෙවැනි වරදකරුවන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත්ය.

වරකාපොළ – සරත් ආනන්ද ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment