සිවිල් ආරක්‍ෂක බළකා විල්පත්තු බළකාය කාබනික පොහොර නිෂ්පාදන මෙහෙයුමට බසී

151

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව නිරෝගිමත් සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමේ අරමුණ ඇතිව වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ‍්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදාගැනීමට එම නිෂ්පාදනය වේගවත් කළ යුතුය යන ඉලක්ක ජය ගැනීමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ව්‍යාපෘතියක් ලංකාවේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බළකා පුහුණු පාසල් 24 ක් තුළ ද ආරම්භ කිරීමට කටයුතු කොට ඇත.

සිවිල් ආරක්‍ෂක බළකා විල්පත්තු බළකාය කාබනික පොහොර නිෂ්පාදන මෙහෙයුමට බසී

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ළමාහේවා මහතාගේ පූර්ණ උපදෙස් අනුව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බළකා සෙබලූන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් විල්පත්තු බළකාය විසින් ආරම්භ කර ඇති අනුරාධපුර මහවිලච්චිය මන්නාරම් හන්දියේ කොම්පෝස්ට් නිෂ්පාදන ව්‍යාපෘතියේ දර්ශන කිහිපයක් ඡුායාරූපවලින් දැක්වේ.

සිවිල් ආරක්‍ෂක බළකා විල්පත්තු බළකාය කාබනික පොහොර නිෂ්පාදන මෙහෙයුමට බසී



එහිදී එම ව්‍යාපෘතිය පිළිබඳව විල්පත්තු බළකායේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් සුනිල් ජයරත්න මහතා අප වෙත අදහස් දක්වමින් මෙම කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන අනුව කාබනික පොහොර කිලෝග‍්‍රෑම් 1,04,682 ක ප‍්‍රමාණයක් දැනට නිෂ්පාදනය කර ඇති බවත්, මෙම වසර අවසානය වන්නට ප‍්‍රථම නියමිත ප‍්‍රමිතියෙන් යුත් කාබනික පොහොර කිලෝග‍්‍රෑම් 3,500,000 ක් නිෂ්පාදනය කිරීමට අදහස් කරන බවද පැවසීය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා ලංකා පොහොර සංස්ථාව සතු ප‍්‍රාදේශීය මට්ටමේ රසායනාගාර පරීක්‍ෂණයන්ට ලක්කර තත්ත්ව පරීක්‍ෂාවන් සිදුකිරීමෙන් අනතුරුව ලංකා පොහොර සංස්ථාව වෙත ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

ඡායාරූප හා විස්තර – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment