සිවුරට මුවාවී බලයට ආ නායකයන් දැන් මහනායක හිමිවරුන්ගේ හඬටවත් කන්දෙන්නේ නෑ

240

පාහියංගල ආනන්ද සාගර හිමි

සිවුර මතින් බලයට පැමිණි වත්මන් දේශපාලන නායකයින් මහානායක ස්වාමීන් වහන්සේලාගේ වචනයට ගරු නොකරමින් තවදුරටත් සිය බලය ආරක්ෂා කර ගැනීමක නිරතව සිටින බව සුරකිමු

ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමියෝ ප්‍රකාශ කළහ.

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙසට විරෝධය පළ කරමින් ගාලුමුවදොර නොනිදන අරගලයක යෙදී සිටින විරෝධතාකරුවන් සමග එක්වෙමින් ඊයේ (22 දා) මාධ්‍ය වෙත අදහස් දැක්වූ උන්වහන්සේ මේ බව කියා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්දසාගර හිමියෝ මෙසේ ද පැවසූහ.

ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඉතා පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කළා. රට තුළ මේ පවතින තත්ත්වය තේරුම් අරගෙන අගමැතිවරයා ප්‍රමුඛ මේ රජය වහාම ඉවත් වී භාරකාර රජයකට යන්න කියලා. නමුත් මේ සිංහල බෞද්ධ නායකයෝ මහානායකවරුන්ගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. අගමැති වටා ඉන්න හොරු රැළට සහ ව්‍යාපාරිකයින්ට පමණයි අද හැම සහනයම ලැබෙන්නේ. දැන් කළ යුත්තේ මේ පවතින ජන මතයට ඉඩ දී ජනපතිවරයා අගමැතිවරයා ඇතුළු සමස්ත රජයම ඉවත්ව යෑමයි. අපේ මහානායක හිමිවරුන් සහ කාදිනල්තුමන් ඇතුළු මේ රටේ සමස්ත ජනතාවම සිටින්නේ ඒ මතයේයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment