සිවුරු ඇඳගත් බට්ටෝ කියා පාලකයන් මහා සංඝරත්නයට නින්දා කිරීම කැතයි

130

පාලකයන් මහා සංඝරත්නයට ගෞරව කළ යුතු බවත් සිවුරු ඇඳගත් බට්ටෝ කියා පාලකයන් භික්‍ෂූන් වහන්සේට නින්දා කිරීම නුසුදුසු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) පැවසීය. එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේද කීය.

එදා රට පාලනය කළ පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන්නේ මහා සංඝරත්නයයි. එක්තරා කියමනක් තිබෙනවා ගින්න, සර්පයා, යසස් ඇති රජ කුමරු සහ සිල්වත් භික්ෂුව සමග හොඳින් හැසිරෙන්න කියා. දැන් පාලකයන් මහා සංඝරත්නයට අවවාද කරන බව පෙනෙනවා. රජතුමා කියන සියලු දේට අවනත නොවෙන්න කියලායි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. සමහර පාලකයෝ හිතනවා මහා සංඝරත්නය ඒ අය කියන දේ අහලා ඉන්න ඕනෑ කියලා. ඒ විතරක් නොවෙයි නින්දා, අපහාස, පරිභව කරනවා. ඒ අයට මම කියන්නේ පරාභව සූත්‍රය හෝ වසල සූත්‍රය හෝ කියවන්න කියලා. සිවුරු ඇඳගත් බට්ටෝ කියලානේ කිව්වේ. ඒක සුදුසු නැහැ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා – මහා සංඝරත්නයට හෝ ආගමික නායකයන්ට අපහාස කරනවානම් අපි කිසිම කෙනෙක් අනුමත කරන්නේ නෑ. නමුත් චීවරය ඇඳගෙන දවල්ට එළියට ඇවිත් රාත්‍රියේ අරගලකරුවන් සමග පාටි දාන ඒවා අපි ෆේස්බුක්වල දැක්කා. එතකොට මහා සංඝරත්නය ගැන ගෞරවය නැති වෙනවා. 88, 89 කාලයේ ප්‍රේමදාස මහතාගේ ටයර් සෑයවල්වල චීවරවලින් ඔතලා ගංගාවල දාන කාලේ ඔය කතාව කියන්න කෙනෙක් හිටියා නම් හරි.

සජිත් ප්‍රේමදාස මහතා – අර කියපු ප්‍රකාශය නිසා මහා සංඝරත්නය විශාල පිරිසක් කම්පා වුණා. ඒ කියපු ආකාරයෙන් සමස්ත මහා සංඝරත්නයට කැළලක් වුණා කියලයි මතය තිබෙන්නේ. අපි මහා සංඝරත්නයටයි, චීවරයටයි සලකන්න ඕනේ. අපි සංඝරක්නය විවේචනය කරන්න යන්න හොඳ නෑ.

ප්‍රසන්න රණතුංග මහතා – අපි එහෙම දෙයක් කළේ නෑ. ඔබතුමාලා මතයක් හදන්න යනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment