සිස්ටම් එකේ අවුලක් තියෙනවා…

135

අද රංගවේදියෙක්
කතාබහ -දුලංජ ඩිල්ෂාන්



 * ප‍්‍රවේශය

 මම පාසල් ගියේ හෙන්ඩියගල ශ‍්‍රී රතනපාල මහා විද්‍යාලයට. ඒ කාලෙ ඉඳන්ම මට ලොකු ආසාවක් තිබුණා වේදිකා නාට්‍යවල ර`ගපාන්න. පාසලේ නාට්‍ය හා රංග කලාව විෂය උගන්වපු ගීතානි සිරිවර්ධන ගුරුතුමියගේ

 මගපෙන්වීමෙන් පාසල් මට්ටමින් පැවැත් වූ වේදිකා නාට්‍ය තරගවලට සහභාගී වුණා. ඒවායින් ජයග‍්‍රහණ පවා ලබා ගත්තා. පාසල් කාලයෙන් පස්සෙ විෂය ගැන වැඩිදුර හැදෑරීම සඳහා මම ටවර් හෝල් නාට්‍ය පාසලට සම්බන්ධ වෙනව. මෙතැනදීත් මම වේදිකා නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙනව. ඒ වගේම කාලයත් එක්ක කොළඹ නාට්‍ය කරන යහළුවො පිරිසක්හ ඳුනාගන්න ලැබෙනව. ඒ සම්බන්ධතාවත් එක්ක ඔවුන් සමග විවිධ නාට්‍යවලට දායක වෙන්න මට අවස්ථාව ලැබෙනව.

 * අරමුණ

 වේදිකාවට ආසාවක් ඇතිවෙන කාලෙදිම දවසක දක්‍ෂ රංගන ශිල්පියෙක් වෙනව කියන අරමුණ මට ඇතිවෙනව. නමුත් මම තවමත් මගේ අරමුණට යමින් ඉන්න කෙනෙක්. ඒ ගමනට හොඳම තෝතැන්න වෙන්නෙ වේදිකාව. අද බොහෝ රංගන ශිල්පීන්ගේ හැකියාවන් දකිනකොට ඒ හැකියාවට පන්නරය ලැබුණෙ වේදිකාවෙන් බව අපි දකිනව. ඒ නිසා ඕනෑම නළුවකුට පුහුණු වෙන්න තියෙන හොඳම තැන වෙන්නෙ වේදිකාව.

 * වෘත්තිය

 වේදිකාව කියන්නෙ මම බොහොම කැමැත්තෙන් ආසාවෙන් සම්බන්ධ වෙලා ඉන්න තැනක්. නමුත් ඒක මම මගේ වෘත්තිය හැටියට තෝරාගෙන නැහැ. එහෙම තෝරාගන්නත් බැහැ. මම වෘත්තියෙන් ගුරුවරයෙක්. දැනට පුත්තලම ආඬිගම මහා විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයා හැටියට කටයුතු කරනව.

සිස්ටම් එකේ අවුලක් තියෙනවා...



 * වේදිකාවේ භූමිකාව

 වේදිකාවේ මම නියෝජනය කරන්නෙ නළුවා කියන භූමිකාව. නමුත් නළුවෙක් වෙන තැනට එන්න කලින් ඊට සම්බන්ධ අත්දැකීම් ලබාගන්න සහාය වේදිකා පරිපාලකවරයෙක්” වේදිකා පරිපාලකවරයෙක් සහ රංගාලෝකකරණ ශිල්පියෙක් හැටියටත් කටයුතු කළා. මගේ ඊළඟ බලාපොරොත්තුව වේදිකා නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කිරීම. නමුත් මම තවමත් ඒකට සූදානම් නැහැ.

 * වෙනසක්

 මම වේදිකාවේ කටයුතු කරන්න පටන් අරගෙන දැනට වසර හතක් පමණ වෙනව. මේ කාලය ඇතුළත වේදිකාව තුළ දැනෙන වෙනසක් සිදු වුණා කියල කියන්න බැහැ. කොහොම වුණත් යම් යම් නිර්මාණවල ආකෘති” ජාත්‍යන්තර මට්ටමින් වේදිකා නාට්‍යවල භාවිතා වන රංග වින්‍යාසයන් ඇසුරෙන් ඇතැම් ශිල්පීන්ගේ රංගනයේ වෙනසක් වගේ දේවල් සුළු වශයෙන් වෙනස් වෙලා තියෙනව කියල කියන්න පුළුවන්.

 * අද තත්ත්වය

 වේදිකාව එදත් අදත් ඉදිරිගාමී තත්ත්වයෙන් තියෙනව. යම් තරමකින් හෝ පසුගාමී තත්ත්වයකට පත්වුණා නම් ඒ දේ සිදු වුණේ වේදිකාවට සම්බන්ධ පිරිසගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි” රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ඇතිවන ගැටීම නිසයි. මොකද නාට්‍යකරුවකුගේ ආර්ථික මට්ටම වේදිකාව මගින් යහපත් තත්ත්වයකට පත්වෙන්නෙ නැහැ. අපිට දක්‍ෂ පිරිසක් ඉන්නවා. නමුත් නිදහසක් නැහැ. වෙන වෙන ප‍්‍රශ්න ඔළුවට දාලා. දුපත් මානසිකත්වය වර්ධනය වෙලා. මේක ඇත්තටම සිස්ටම් එකේ අවුලක්. හොඳ නිර්මාණයක් බිහිකරන්න තියෙන ඉඩකඩ බොහෝ වෙලාවට අහිමි වෙන්නෙ මුදල් ප‍්‍රශ්න නිසා. එවැනි අවස්ථාවලදී අත දෙන්න මේ වන තුරු අපේ රටේ ක‍්‍රමවේදයක් හැදිල නැහැ.

 * පේ‍්‍රක්‍ෂකාගාරය

 අපේ පේ‍්‍රක්‍ෂකාගාරය බොහෝ වෙලාවට සරල තැනින් අල්ලාගන්න තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඒ වගේම රසවින්දනය පැත්තෙනුත් ඒ තරම් සුබවාදී බවක් පෙනෙන්න නැහැ. මොනවගේ නාට්‍යයක්ද බලන්න ඕන” කොහොමද ඒ නිර්මාණය රසවිඳින්නෙ කියන දේ ගැන අවබෝධයක් නැති බවක් පෙනෙන්න තියෙනවා. ඇත්තටම කිව්වොත් ගැඹුරු අර්ථයක් ඇති නාට්‍යයක් බලල ඒක ගැන සාකච්ඡුා කරන්න” විචාරය කරන්න තරම් නිදහස් මානසිකත්වයක අද පේ‍්‍රක්‍ෂකයා නැහැ.

 * රසවින්දනය

 අද වන විට බහුතරයක් මිනිසුන්ගෙ රසවින්දනය හීන වෙලා. තමන්ගේ පවුල තුළින් සහ පාසලෙන් තමයි මේ සඳහා මූලික අඩිතාලම වැටෙන්න ඕන. මිනිසකුට මානුෂික හැඟීම් දැනෙන්න නම්” පන ඇති වස්තුවක් බවට පත්වෙන්න නම් සෞන්දර්ය අනිවාර්යයයි. එහෙම නොවෙන තැන මිනිසා හැඟීමක් දැනීමක් නැති කෙනෙක් බවට පත්වෙනව.

සිස්ටම් එකේ අවුලක් තියෙනවා...



 * සම්මාන

 රංගනය” වේදිකා පරිපාලනය සහ රංගාලෝකකරණය යන මේ මොන අංශයකින් වුණත් මම කවදාවත් සම්මානයක් බලාපොරොත්තුවෙන් නිර්මාණයකට දායක වුණේ නැහැ. මගේ එකම බලාපොරොත්තුව වුණේ කරන දේ හරියාකාරව කරන එක වගේම මාව බලන පේ‍්‍රක්‍ෂකයාට සාධාරණයක් කරන එක. බලාපොරොත්තු නොවුණත් ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය කරන කාලෙ හොඳම වේදිකා පරිපාලනයට වගේම හොඳම රංගාලෝකකරණයට හිමි සම්මාන මට ලැබිල තියෙනව වගේම ඒ සඳහා නිර්දේශ වෙලාත් තියෙනව.

 * නාට්‍ය උළෙල සහ ජයග‍්‍රාහී නාට්‍ය

 සම්මාන උළෙලවලදී ජයග‍්‍රහණය කරන නාට්‍යවලට බොහෝ වෙලාවට එතැනින් එහාට ගමනක් නැහැ. මේකට ප‍්‍රධානතම හේතුව උළෙල අවසානයේ සංවිධායකවරු විසින් ඒ නාට්‍ය අත්හැරීම. මුල්අවස්ථාවේදී ෂෝස් විස්සක් තිහක් දෙන්නම් කියනව. අවසානයේ ලැබෙන්නෙ හතරයි පහයි. ඒකත් පස්සෙන් ගිහින් මතක් කරන්න ඕන. නාට්‍යකරුවකුට තනියම සංවිධානය කරගෙන නාට්‍ය පෙන්වන්න පුළුවන්කමක් තවම අපේ රටේ නැහැ.

 * අනුග‍්‍රහය

 වේදිකා නාට්‍ය කලාව අදටත් රැුකිල තියෙන්නෙ ඒ වෙනුවෙන් කැපවෙන නාට්‍යකරුවන් නිසාමයි. රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන්න ඕනමයි කියල දේකුත් නැහැ. මොකද අපි කාගෙන්වත් දෙයක් බලාපොරොත්තු වෙන්න ඕන නැහැනෙ. පොඩි ළමයකුට වුණත් වෙන්නෙ මොකක්ද කියල තේරෙනව. ඒ නිසා අපි රාජ්‍ය අනුග‍්‍රහය ගැන කතා නොකර ඉමු.

 * දායකත්වය

 කෑම ලෑස්තියි” ජෝඩු ජෝඩු” සාදය මාරයි සල්ලි හමාරයි” මම නෙමෙයි වෙන කෙනෙක්” අතරමැදියා සහ ස්වර්ග රාජ්‍යය යන නාට්‍ය සඳහා වේදිකා පරිපාලනයෙන් සහ රංගාලෝකකරණයෙන් දායක වුණා. ඒ වගේම නයිට් ඩියුටි” ස්නයිපර්” හයිඞ් (කෙටි) බැංකු වීරයා යන නාට්‍යවලට රංගනයෙන් මගේ දායකත්වය ලබා දුන්නා.


 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment