සිසුන්ගෙන් මුදල් ගන්න සිදුවුණේ ආයතනය පවත්වාගෙන යන්නයි

304

කටුනායක IET ගැන NAITA කියයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් ආයතනය පවත්වා ගත යුතු බැවින් බඳවා ගනු ලබන සිසුන් ගෙන් 225,000ක මුදලක් අයකරන බවත් අඩු ආදායම් ලාභී සිසුන් 25%කට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනමන බවත් කටුනායක පිහිටි ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරියේ ඉංජිනේරු තාක්‍ෂණ ආයතනය (IET) අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්වේ.

ඉකුත් 20 වැනිදා දිවයින පත්‍රයේ මුල් පිටුවේ කටුනායක IET ගසා කති යන සිරස් තලයෙන් පළවූ පුවත ගැන කරුණු පැහැදිලි කරමින් අප වෙත එවා ඇති එම කරුණු දැක්වීමේ මෙසේද සඳහන් වේ.

දැනටමත් අප කටුනායක පිහිටි ඉංජිනේරු තාක්ෂණ ආයතනය සඳහා 2023 වසර වෙනුවෙන් සිසුන් 500 දෙනකු බඳවා ගැනීමට කටයුතු සංවිධානය කර ඇති අතර බඳවා ගැනීමේ තරග විභාගය විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබයි.

තරග විභාගය පැවැත්වීමේ නිශ්චිත දිනයක් විභාග දෙපාර්තමේන්තුව මගින් මේ දක්වා දැනුම් දී නොමැති අතර මෙම පාඨමාලාව ජුනි මාසයේ දී ආරම්භ කළ යුතු බැවින් සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අයදුම්කරන ලද සිසුන් සම්මුඛ පරීක්‍ෂණයකට කැඳවා ඔවුන්ගේ මූලික සුදුසුකම් පරීක්‍ෂා කිරීම සිදු කෙරෙමින් පවතී.

අදාළ අයදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයෙ ්දී ලබාගන්නා ලකුණු විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. සම්මුඛ පරීක්‍ෂණයේ ලකුණු සහ තරග විභාගයේ ලකුණු අනුව පාඨමාලාවක් සඳහා බඳවා ගන්නා සිසුන් පිළිබඳව තීරණය කරනු ලබන්නේ විභාග දෙපාර්තමේන්තුව විසිනි. කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වෙතින් නිර්මාණය කරනු ලබන මධ්‍යම මට්ටමේ ඉංජිනේරුවරයකුට රජය රු.363,000/- පමණ වැය කරයි. පුද්ගලික විශ්වවිiාලවල හෝ ආයතනවල මෙවැනි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්‍ෂ 25ක පමණ මුදලක් වැය වේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් මෙම ආයතනය පවත්වාගෙන යා යුතු බැවින් පාලන අධිකාරියේ එකඟත්වය මත මෙම මුදල් අයකර ගැනීම සිදුකරන අතර අපගේ අනෙකුත් ජාතික ආයතනයන් වන ඔරුගොඩවත්ත මෝටර් රථ අභ්‍යාස ආයතනයට සහ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයට සිසුන් බඳවා ගැනීමේ දී ද මුදල් අය කරනු ලැබූ අතර මේ වනවිට අදාළ පාඨමාලාවන් ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment