සිසුන්ට අතවර කළ විදුහල්පති 30 දා තෙක් රිමාන්ඩ්

364

රත්නපුර ප්‍රධාන පෙළේ පාසලක සිසු සිසුවියන් කීපදෙනකුට ලිංගික අතවර කළ බවට වූ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත

බන්ධනාගාරගත කෙරුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය.

58 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා 22 වැනිදා අත්අඩංගුවට පත්විණි.

සැකකාර විදුහල්පතිවරයා දීර්ඝ කාලයක සිට ඉතා සුක්ෂ්මව පාසලේ පිරිමි දරුවන් සිය නිල නිවාසය වෙත ගෙන්වාගෙන මුදල් ත්‍යාග සහ විවිධ වරප්‍රසාද ලබාදෙමින් ලිංගික අපයෝජන සිදු කර ඇතැයි හෙළි වූ බව ද සභාපතිවරයා කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment