සිසුන්ට එන්නත දී දෙසතියක් යනතුරු පාසල් අරින්න එපා

213

පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (23 දා* ඉල්ලීමක් කළේය.

පාසල් දරුවන් ලක්‍ෂ 45 ක් පමණ සිටින බවත්, මේ වනවිට සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් අවධානය යොමුකර ඇති බවත් ඒ මහතා කිය. මේ අනුව සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කිරීමට පෙර එම දරුවන්ට ෆයිසර් එන්නත ලබාදී සති දෙකක කාලයක් ප‍්‍රතිශක්තිය වර්ධනය වීමට අවස්ථාව ලබා දී එම දරුවන් පාසල්වලට කැඳවීම කළයුතු බව ද බණ්ඩාර මහතා පැවසීය. මේ ආකාරයෙන් අනෙක් දරුවන් ද කැඳවීම සිදුකළ හැකි බව ද හෙතෙම පැවසීය.

බ‍්‍රැන්ඩෙක්ස්, පෑලියගොඩ, අලූත් අවුරුදු පොකුරු ඇතිවුයේ ද කොවිඞ් යම් මට්ටමකින් පාලනය වීගෙන යන විට රට විවෘත කිරීම නිසා බවත් මෙවර ද එවැනි අඩුවීමක් දක්නට ලැබුණත් රට එකවර විවෘත නොකර ක‍්‍රමක‍්‍රමයෙන් රට විවෘත කිරීම සිදුකළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

විශේෂයෙන් මේ වනවිට පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකිරීම අඩුකර ඇති බවත් යම් හෙයකින් පාසල් විවෘත කළහෙත් නව කොවිඞ් රැුල්ලක් බෝවීමේ අවදානම ඇති නිසා පාසල් ආරම්භ කිරීමට පෙර ඇන්ටිජන් සහ පී.සී.ආර්. ප‍්‍රමාණය වැඩිකර ආශ‍්‍රිතයන් සිටිනවාද යන්න හඳුනාගැනීම සිදුකළ යුතු බවත් බණ්ඩාර මහතා කීය.

දැනට රටෙන් වාර්තා වන කොරෝනා රෝගීන් පිළිබඳ වාර්තා ප‍්‍රකාශයට පත්කළත් එම වාර්තාවීම් කුමන දිස්ත‍්‍රික්කයෙන් ද, කුමන ප‍්‍රමාණයක් ද යන්න ප‍්‍රකාශ නොකරන නිසා එහි විශ්වාසවන්තභාවය ගිලිහී ඇතැයි ද ඒ මහතා කීය. සෞඛ්‍ය අංශ සහ වසංගත රෝග විiායතනය දත්ත ඉදිරිපත් කිරීමේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් මියගිය සහ රෝගීන් ගැන වාර්තා කරනවා නම් ඒ ගැන අධ්‍යයනයක් කර වැරදි ඇත්නම් ඒවා නිවැරදි කළ හැකි බවත්, දැනට ඉදිරිපත් කරන වාර්තාවල එවැනි දෙයක් ප‍්‍රකාශ නොකරන නිසා වැරැද්දක් තිබුණත් නිවැරදි කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ මහතා කීවේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment