“සිසුන්ට පහසුකම් නොදී ඔන්ලයින් කරලා වැඩක් නෑ” – මහින්ද ජයසිංහ

95

සිසුන්ට පහසුකම් සලසන්නේ නැතිව මාර්ගගත ක්‍රමයට (online) අධ්‍යාපන කටයුතු සිදුකිරීමෙන් අපේක්‍ෂිත අරමුණු ඉටුවන්නේ නැතැයි ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතා ඊයේ (19 දා) පැවසීය.

මීට පෙර මාර්ගගත ක්‍රමයට කළ ඉගැන්වීම් සාර්ථක වී තිබුණේ සමස්ත සිසු ප්‍රජාවෙන් සියයට 34 කට පමණක් බවත් ඒ අතරින් බහුතරය බස්නාහිර පළාතේ සිසුන් බව සමීක්‍ෂණ වාර්තාවලින් හෙළි වී තිබූ බවත් ඔහු කීවේය.

දරුවන්ට කන්න දෙන්න බැරිව ඉන්න දෙමව්පියන්ට ඩේටා දාගන්න, යෙදුම් උපකරණ අරන් දෙන්න මුදල් නොමැති බවත්, එසේ එම උපකරණ අරන් දුන්නත් සංඥා  (සිග්නල්) නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බවත් ඔහු කියා සිටී.

මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය ලබාදීමට වඩා පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම, සතියේ දින කිහිපයක් වැඩිපුර කාල වේලාවක් ලබාගෙන අධ්‍යයන කටයුතු සිදුකර දින දෙකක් පමණ නිවාඩු ලබාදීම, දුර බැහැර සිසුන් සහ ගුරුවරුන් ගැටලු ඇති නොවන ලෙස ආසන්න පාසල්වලට අනුයුක්ත කිරීම ඇතුළු සාර්ථක යෝජනා කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇතත් බලධාරීන් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලබා දී නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment