සිසුන් ලක්‍ෂ 45ක නිල ඇඳුම් කොටඋඩ

273

* පාසල් නිල ඇඳුම් දෙන්න තාමත් කිසිම ලෑස්තියක් නෑ

ලක්‍ෂ 45 ක් වන පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබාදීමේ කිසිදු සැලසුමක් නැතැයි වාර්තා වේ. නිල ඇඳුම් වෙනුවට පසුගිය රජය වවුචර්පත් ලබාදෙන ලදි. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු වවුචර්පත් අහෝසි කර නිල ඇඳුම් ලබාදීමට තීරණය කළ අතර ඒ සඳහා රෙදි සපයා ගැනීම සඳහා දේශීය ව්‍යාපාරිකයන් සිව්දෙනකුට අවස්ථාව දුන්නත් ඔවුන් සිය වගකීම නිසිලෙස ඉටුකර නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.

නිල ඇඳුම් ලබාදීමේ වගකීම රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ අමාත්‍යාංශයට අයත්ව තිබුණත් එම අමාත්‍යාංශය තුළ හෝ නිල ඇඳුම් සැපයීම සම්බන්ධයෙන් අවසන් අදියරකට පැමිණ නැතැයිද එම නිලධාරියා කීය. රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාගෙන් කළ විමසීමේදී ඔහුද කියා සිටියේ පාසල්වල තෙවැනි වාරය අපේ‍්‍රල් 8 වැනිදා අවසන් වීමට නියමිත බවත් එයට පෙර නිල ඇඳුම් රෙදි ලබාදීමේ නිසි සූදානමක් ඇති බවට වාර්තා නොවන බවත්ය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment