සිසුන් 200 ට අඩු ප‍්‍රාථමික පාසල් 3000 ක් මේ මාසයේ ආරම්භ කරනවා – අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන

253

සිසුන් 200 ට අඩු ග‍්‍රාමීය ප‍්‍රාථමික පාසල් 3000 ක් මේ මාසය ඇතුළත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (03 වැනිදා) පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව පළාත් සභා, අධ්‍යාපන අමාත්‍යාංශය සහ කලාප කාර්යාල එක්ව එම පාසල් ආරම්භ කිරීමට දැනටමත් සූදානම් වෙමින් සිටින බවත් අමාත්‍යවරයා කීය.

ඉදිරි දින කීපය තුළ සෞඛ්‍ය රීතීන් අනුව එම පාසල් සුද්ද පවිත‍්‍ර කර අදියරෙන් අදියර එම පාසල් විවෘත කරන බව සඳහන් කළ අමාත්‍යවරයා පසුව අනෙකුත් පාසල්ද පියවරෙන් පියවර ආරම්භ කරන බව කීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

මේ පාසල් ආරම්භ කළ පසු ලක්‍ෂ 43 ක් වන පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තම යුතුකම ඉටුකරන්න කියලා සියලූම ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. කොවිඞ් වසංගත තත්ත්වය නිසා දරුවන් දීර්ඝ කාලයක් ගෙවල්වලටම කොටුවෙලා ඉන්නේ. මේ නිසා දරුවන් ගැන සිතා සියලූම ගුරුවරුන් කටයුතු කරයි කියා සිතනවා.

ගුරුවරුන් මොන වර්ජන කළත් මේ වෙනකොට අපි දරවන්ට රූපවාහිනි චැනල හරහා ඔන්ලයින් අධ්‍යාපන සේවා ආරම්භ කර තිබෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment