සිසුන් 8ක් ඝාතනය කළ යුද අපරාධකරුවෝ නිදහස්

247

බිහිසුණු කොටි යුද අපරාධකරුවන් අටදෙනෙක් පසුගිය සතියේ මුදාහැරීමට රජය ක්‍රියාකරනු ලැබීය. ඉරිදා දිවයින මේ බව මුලින්ම හෙළිකර අත. මේ අපරාධකරුවන් කවුදැයි හෙළිකිරීමට මෙරට ද්‍රවිඩ මාධ්‍ය මෙන්ම අනිකුත් මාධ්‍යය ද ක්‍රියාකළේ නැත. මොවුන් කවුරුන්ද ඒ කනපති ශර්මා, රාහුලන් තිපන් රමේෂ් ජෙඩනේසන්, අරුල් කනකාගේ දේවදාසන් හෙවත් නාදන් ය.

සිසුන් 8ක් ඝාතනය කළ යුද අපරාධකරුවෝ නිදහස්

මෙලෙස නිදහස් වූ හිටපු කොටි ත්‍රස්තයන් සිදුකළ අපරාධ පවා ජනතාවට අමතක විය. ඒ වෙනුවට 22 වැනි සංශෝධනයට පුළුල් ප්‍රචාරයක් ලැබුණි.

නිදහස් වූ කොටි කණ්ඩායමෙන් එක් ත්‍රස්තයකු 2004 පෙබරවාරි 3දා කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බ කාරියකට මහාවිනාශයක් සිදුකිරීමට බෝම්බය සැපයූවෙකි. එම බෝම්බ පිපිරීමෙන් කොළඹ ඩී එස් සේනානයක විදුහලේ බේස්බෝල් කණ්ඩායමේ සිසුන් අටදෙනෙවක් සහ සිවිල් වැසියන් තිදෙනකු ද ඝාතනය විය. ඊට අමතරව 100කට අධික පිරිසක් තුවාල ලැබූහ. එම බෝම්බ පිපිරීමට ලක්වී මියගිය අහිංසක සිසුන්ගේ මවුපියන්ට යුක්තිය හිමිවූයේ නැත. අධිකරණය මගින් එම කොටි ත්‍රස්තයන්ට වරදකරුවන් කර දඬුවම් නියමකරනු ලැබුවත් ජනපති සමාව හිමිවිය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනය කිරීම සඳහා කොටි බෝම්බකාරියට බෝම්බ කබාය ඇන්දවූ මෝදර කෝවිලේ පූජක කනපති ශර්මාද නිදහස් විය. එහෙත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චැන්ග් යුක්තිය ගැන හඬ නඟයි. චන්ද්‍රිකා කුමාරතුංග දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. එහෙත් ඇගේ ඇසකට බරපතළ හානිසිදුවිය. මෙලෙස ලොව කිසිම රටක් ත්‍රස්තවාදීන්ට සමාව දෙන්නේ නැත. එතෙක් මෙරට සිදුවූයේ මිනීමරුවන් නිදහස් වීමය. වසර ගණනකට පෙර ඇන්ටනෝව් ගුවන් යානාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර වැනසූ තබෝ රුබන් ද ත්‍රිකුණාමලයේ සිංහල ගම්මානවල වැසියන් අමානුෂික ලෙස මරාදැමූ පදුමන් ද කොළඹ සහ කටුනායකට බෝම්බ දැමූ ගුෂාන්තන් මාස්ටර් ද නිදහස් විය. ගුෂාන්තන් අල්ලා ගනු ලැබුවේ මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්ව සිටි මේජර් ජෙනරාල් සුමිත් මානවඩුයි.

පොල් පරාලයක් හිසට වැදීම නිසා මරුමුවට පත්වූ බව කියන මානවඩුගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට ඔහුගේ පවුලේ අයට හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ හමුවීමට අවස්ථාව ලැබුණේ ගෝඨාභය බලයෙන් ඉවත්වීමෙන් පසුවය. කොටින්ගේ වාන්පුලිගල් නැමැති ගුවන් යානා ඒකකයේ ප්‍රධාන ගුෂාන්තන්ට එරෙහිව නඩුවක් පවා ගොනුවූයේ නැත. ඔහු නිදහස් වූයේ මුදල් බලයෙනි. බූස්ස සහ මැගසින් සිරකඳවුරේ සුළු කලක් සිටි ගුෂාන්තන් සමග පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේ ද සිය බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ගුෂාන්තන් තමා නිදහස් වූ අයුරු පොලිස් අධිකාරිවරයාට හෙළිකළ බවයි.

ගුෂාන්තන්ට අද ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබී ඇත. ඔහුගේ පවුලේ අය සිටින්නේ ප්‍රංශයේයි. රට වෙනුවෙන් සේවය කළ මේජර් ජෙනරාල් මානවඩු මියයෑම නිසා මානවඩු මහත්මිය සැමියාගේ විශ්‍රාම වැටුප් දීමනා ලබාගැනීමට ආරක්‍ෂක ලේකම්ට පවා ආයාචනා කිරීමට සිදුවිය. එහෙත් ගුෂාන්තන් පමණක් නොව හමුදාවේ රහස් කොටින්ට සැපයූ කපිතන් සාජන් මොහොමඩ් ද නිදහස් විය. මේ ඔත්තුකරු දැන් මැලේසියාවේ පදිංචිව සිටියි. මේ අයුරින් කොටි යුද අපරාධකරුවන්ට රජය සමාව ප්‍රදානය කරද්දී හමුදාවේ නිලධාරීන් 58කට යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. කොටි යුද අපරාධකරුවන්ට නිදහස් හමුදා නිලධාරීන්ට ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වීමත් සිදුවන අවස්ථාවේ ඊට අභියෝග කිරීමට පාර්ලිමේන්තුවේ කිසිදු දේශපාලකයකු ඉදිරිපත් වී නැත.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක්වූ යස්මින් සුකා ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා රැසක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනා අපි අද හෙළිකරන්නෙමු.

  1. රාජ්‍ය රහස් පනතේ මුක්තිය අහෝසි කරනු
  2. වට්ටුමඩ්ඩාල් පාලමේ රැඳී සිටි හමුදා කණ්ඩායම් හෙළිකරනු
  3. විශේෂ බළකායේ නාමලේඛනය අනාවරණය කරනු
  4. එක්සත්ජාතීන්ගේ සාම බළකායේ නාමලේඛන හෙළිකරනු
  5. ඔවුන්ට යුද අපරාධ චෝදනා එල්ලවී තිබුණේ ද යන ඔවුන්ට උසස්වීම් දුන්නේද යන්න අනාවරණය කරනු
  6. නියෝජ්‍ය පොලිස්පතිවරයකු වධකයකු බව හෙළිවීම නිසා ඔහුට අදාළ තොරතුරු හෙළිකරනු
  7. චැනල් ෆෝ චිත්‍රපටයේ ද්‍රවිඩයන් ඝාතනය කරන හමුදා නිලධාරීන් අනාවරණය කරනු
  8. මැයි 9 සිට 16 දක්වා උතුරේ හමුදා වාර්තා හෙළිකරනු
  9. වන්නි මෙහෙයුමේ තොරතුරු කොළඹට වාර්තා කළේ කවුදැයි දක්වනු
  10. විනාශ කළ කොටි සුසාන භූමි යළි ස්ථාපිත කරනු
  11. කොටි සැමරීමට ඉඩදෙනු
  12. කොමාන්ඩෝ භටයන් සහ විශේෂ බළකා ගැන තොරතුරු හෙළිකරනු

ඇමරිකානු බ්‍රිතාන්‍යය, කැනඩා සහ ඔස්ට්‍රේලියාව හමුදා ඇෆ්ගනිස්තානයේදී යුද අපරාධ සිදුකරද්දී එම හමුදාවලට එරෙහිව රහස් තොරතුරු හෙළිකරන ලෙස සුකා මානව හිමිකම් කවුන්සිලයට නිර්දේශ කළේ නැත. මෙවන් පසුබිමක් මැද ඉන්දීය සාම හමුදාවේ විශේෂ බළකා මේජර්වරයකුවූ අබ්ගේ සහරා වසර ගණනකට පසු රහසක් හෙළිකළේය. ඒ තම පියාවූ හමුදා කර්නල්වරයෙක් ඊ පී ආර් එල්. එස්. ටෙලෝ ප්ලොට් සහ එල් ටී ටී ඊ සංවිධානවලට යද පුහුණුව ලබාදුන් බවයි. එහෙත් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කරන්නේ මෙම ද්‍රවිඩ සංවිධානවල නායකයන්ය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment