ලබන 2022 වසරේදී හත්වැනි ශ්‍රේණිය ස`දහා දරුවකු ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගත් ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය මගින් ඊයේ (23 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිසුවා හත්වැනි ශ්‍රේණියේ ඉංගී්රසි මාධ්‍ය පන්තියකට ඇතුළත් කර ගැනීම ස`දහා විදුහල්පතිවරයා සිසුවාගේ දෙමාපියන්ගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත. සැකකාර විදුහල්පතිවරයා සිය නිල කාමරයේදී අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදීම විමර්ශන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ පොලිස් විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය. සැකකාර විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සමන් ගමගේ