සිසුවාගේ කනට ගැසූ ගුරුවරයාට අත්හිටවූ සිරදඬුවම් – සිසුවාට ලක්‍ෂ 1 1/2 ක්  වන්දි ගෙවීමටත් නියෝග

265

පාසල තුළදී කළ දඩබ්බර ක්‍රියාවක් නිසා කෝපයට පත්වී බාලවයස්කාර පාසල් සිසුවකුට කනට දරුණු ලෙස පහර කිහිපයක් එල්ල කර හිංසා කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ කොළඹ නගරයේ පිහිටි ජාතික පාසලක ගණිත ගුරුවරයකුට වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට වින්දිත සිසුවාට රුපියල් 150,000ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (18දා) නියෝග කළේය.

එයට අමතරව රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවීමට ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එකී දඩය හා වන්දිය නොගෙවන්නේ නම් වෙන් වෙන්ව මාස හය බැගින් වූ ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද නියම කළේය.

රජයේ සේවකයකු වන සිය සේවාදායකයා අධිකරණයේ කාලය අනවශ්‍ය ලෙස මිඩංගු නොකර මුල් අවස්ථාවේදී වරද පිළිගත් හෙයින් ලිහිල් දඬුවම් නියම කරන ලෙසට විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එකී දඬුවම් නියම කළේය.

මහාධිකරණයේ භාෂණ පරිවර්ථක සුලෙයිමාන් මොහොමඩ් යාසීර් මහතා විවෘත අධිකරණය හමුවේදී විත්තිකරුට අධිකරණය නියම කළ දඬුවම් කියවා දුන් අතර රජයේ අධිනීතිඥ අර්ජුන් කුමාර් සෙල්වරාජා මහතා පැමිණිල්ල මෙහෙයවිය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment