සිසුවාට වෙඩිතබා මැරූ සැකකරු 5 දා තෙක් රිමාන්ඞ්

595

වීරකැටිය ගජනායකගමදී වෙඩි තබා 14 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වෙඩි තැබීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ගජනායකගම පදිංචි මොහොට්ටිගේ තිලක් හෙවත් සුද්දා සහ වීබදු මොහන්දිරම්ගේ ජීවසිරි නමැති අයයි.

සැකකරුවන් දෙදෙනා වීරකැටිය ප‍්‍රදේශයේ කැළෑකොටසක සැඟව සිටියදී 22 දින පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයේ පෙනී සිටියේ නැත. සිද්ධියට සම්බන්ධ වූ තවත් සැකකරුවන් තිදෙනකු ද පෙරේදා (21 දා) අලූයම වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ද එළඹෙන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය 19 වැනිදා රාති‍්‍ර වීරකැටිය ගජනායකගමදී ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් එක් පාර්ශ්වයක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් අනෙක් පාර්ශ්වයේ 14 හැවිරිදි පාසල් සිසුවකු වූ හ/ගජනායකගම කනිෂ්ඨ විiාලයේ 09 වසරේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සචින්ත නිම්සර නමැති අය වෙඩි වැදී බරපතළ තුවාල ලැබීමෙන් පසු මෙලෙස මියගියේය. සිද්ධිය පිළිබඳව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්ද්‍ර අඹේපිටිය, වීරකැටිය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කැළුම් සංගීත්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයසුන්දර, උප පොලිස් පරීක්‍ෂක පේමරත්න, පොලිස් සැරයන් (25450* රාජරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (12677* දයාරත්න, ෂෙල්ටන්, (40643* චමින්ද, (70223* රසික, (26647* ලහිරු යන නිලධාරීන් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මුල්කිරිගල පී. එස්. හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment