සිසුවා පැදවූ ජීප් රිය වාහන 4 ක හැපී එක්‌ අයෙක්‌ මරුට

426

පාසල් සිසුවකු පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථයක් මහබාගේ වැලිසර ප‍්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන කාර් රථයක, ති‍්‍රරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටෙමින් ඊයේ (04 වැනිදා* පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව්දෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

 අනතුරෙන් මියගොස් ඇත්තේ අංක 4/80, තොටුපල පාර වැලිසර ලිපිනයේ පදිංචිව සිටි වික‍්‍රම ගූණසේකර නමැති 51 හැවිරිදි අයෙකි.

 රෝහල්ගත කළ සිව්දෙනා අතරින් එක් අයකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්¥ව මහතා පැවසීය.

 කොළඹ සිට මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය වූ දහසය හැවිරිදි පාසල් සිසුවා පදවා ගෙන ගිය ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැනීමත් සමග මීගමුව සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක, ති‍්‍රරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි. අනතුර සිදු කළ දහසය හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුට ජීප් රථය පදවාගෙන යෑමට ලබා දුන් පියා ද මහබාගේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

 කැලණිය කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරී ප‍්‍රසන්න ද සිල්වා මහතාගේ උපදෙස් මත මහබාගේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සුභාෂ් පි‍්‍රයදර්ශන, රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රමේෂ් ප‍්‍රනාන්දු, පොලිස් කොස්තාපල්වරුන් වන රෝෂාන්ත (63826*, චන්දන (37785*, වජිර (95655*, ප‍්‍රදීප් (4260* සහ වර්ණපුර (96816* යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 සමන් ගමගේ, වත්තල – සරත් චින්තක සහ ක`දාන – රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment