සිසුවියට අමුතු පාඩමක් ඉගැන්වූ අයි.ටී ගුරු

608

ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි නිශාන්ත සම්පත් ගුරුවරයෙකි. වයස අවුරුදු හතළිස් නමයකි. තාක්ෂණවේදය විෂය උගන්වන ඔහු ගම්පහ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පෞද්ගලික විදුහලක සේවය කරයි. ශරීර ආබාධයක් ඇති ඔහු පෞද්ගලික උපකාරක පන්ති පවා පවත්වයි.
 
 එම නිසා ගම්පහ ප‍්‍රදේශයේ ඔහු ප‍්‍රසිද්ධ ගුරුවරයෙකි.
 
 අමාලියා වයස අවුරුදු 17 ක තරුණියකි. ඇය ඉතාමත් රූමත් තරුණියකි. ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි ඇය අධ්‍යාපනය හැදෑරුවේ නිශාන්ත සම්පත් සේවය කරන පෞද්ගලික විදුහලේය. එම පාසලේ තාක්ෂණවේදය හදාරන ඇයගේ එක් ගුරුවරයකු වූයේ නිශාන්ත සම්පත්ය. එම නිසා අමාලියා අනෙක් ගුරුවරුන්ට වඩා නිශාන්ත සම්පත්ට විශේෂ කැමැත්තක් දැක්වූවාය. ඒ ඔහුගේ ඉගැන්වීමට ඇති දක්ෂතාවය සහ තමන්ට අධ්‍යාපන කටයුතුවලදී සිදු කරන සමහර උපකාර නිසාය.
 
 නිවැසියන්ට ද ඇය පවසා ඇත්තේ සම්පත් සර් තමන්ට අනෙක් අයට වඩා විශේෂ සැලකිල්ලක් දක්වා උගන්වන බවයි. එම නිසා ජීවිතයේ සමහර පෞද්ගලික තොරතුරු පවා අමාලියා ඔහුට පැවසුවාය.
 
 අමාලියාගේ මවගේ එක් සහෝදරියක් ජීවත් වූයේ එංගලන්තයේ ලන්ඩන් අගනුවරයි. ඇය එහි ගත කරන ජීවිතයට අමාලියා කුඩා කල සිටම කැමැත්තක් දැක්වූවාය. ඒ අනුව ඇයගේ සිහිනය වූයේ කෙදිනක හෝ ලන්ඩන්වල සිටින පුංචි අම්මා ළඟට යෑමටයි. එම නිසා ඇය අධ්‍යාපන කටයුතු සිදු කළේ ද ලන්ඩන් බලා පිටත්වීම සඳහා අවශ්‍ය කරන ආකාරයටයි.
 
 ඇයගේ ගුරුවරයා ද මේ බව දැන සිටියාය. ඔහු ද විටින් විට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
 
 එම ගුරුවරයා අමාලියාට අන් සිසු සිසුවියන්ට වඩා විශේෂ ලෙන්ගතුකමක් දැක්වූයේ යටි සිතේ බොහෝ දේවල් සඟවා ගෙනයි. වයස හතළිස් නවයක් වුවත් ඔහු දිනපතාම පාහේ එම සිසුවිය පිළිබඳ විවිධ දෑ කල්පනා කළේය.ඒ අනුව විටෙක එම සිසුවිය ඔහුගේ පෙම්වතියයි. තවත් විටෙක බිරිඳයි. එතැනින් නොනැවතුණු ඔහු සයනයේ දී ඇය ගැන සිතමින් තම ලිංගික ආශාවන් පවා මුදුන්පත් කරගත්තේය.
 
 මේ කිසිවක් නොදත් අමාලියා ඔහුට විශේෂ ගුරු භක්තියක් දැක්වූවාය. ඒ අනුව දිනක් ඇය තම ගුරුවරයාට මෙලෙස පැවසුවාය.
 
 ”සර් මගේ ලන්ඩන් යන වැඬේට පොත් වගයක් ගන්න ඕනා.”
 
 ”මොන වගේ පොත්ද උවමනා අමාලියා.”
 
 ”එක් එක වර්ගයේ පොත් ඕනා. ගම්පහ මං බැලූවා කොහෙවත් තිබුණේ නෑ.”
 
 ”කොළඹ නම් තියෙනවා.”
 
 ”එහෙමද සර්.”
 
 ”ඔව් කොල්ලූපිටිය මම දන්න තැනකුත් තියෙනවා.”
 
 ”තැන කියන්නකො මම වෙලාවක ගිහිල්ල එන්න.”
 
 ”අමාලියා කැමති නම් මම ඔයාව එක්ක යන්නම්.”
 
 ”සර් ඇත්තටම ද කියන්නේ.”
 
 ”ඇයි මං බොරු කියන්නෙ. ඔයා කැමති නම් මම එන්නම්.”
 
  ”මම අකමැති වෙන්නෙ මොකටද සර් එක්ක යන්න. සර් එනවා කියන්න මට ඉක්මනින්ම ඒ පොත් ටික තෝරගන්න පුළුවන්.”
 
 ”කවදද අපි යන්නේ.”
 
 ”සර් කැමති දිනයක් කියන්න.”
 
 ”එහෙනම් අපි හෙට යමු. ඔයා අම්මලාට කියන්න ඔන්ලයින් පන්තිය අවසන් වුණු ගමන් අපි කොළඹ යනවා කියලා.”
 
 ”අම්මලත් උඩින්ම කැමති වෙයි. සර් එක්ක යනවා කිව්වාහම.”
 
 නිශාන්ත අමාලියා සමග පොත් මිලදී ගැනීමට කොළඹ යෑමට පිටත් වූයේ යටි සිතේ ඉතාමත් පහත් සිතුවිල්ලක් තබාගෙනයි. ඒ එම සිසුවියගෙන් කෙලෙස හෝ ලිංගික තෘප්තියක් ලබා ගැනීම අරමුණු කරගෙනයි.
 
 ඒ කිසිවක් නොදත් අමාලියා පසුදින නිවැසියන්ගේ අවසරය ඇතුව තම ගුරුතුමා සමඟ කොළඹ බලා යෑමට සූදානම් වූවාය. පසුදින නියමිත වෙලාවට ඇය ගුරුතුමා සමඟ ඔහුගේ මෝටර් රථයේ කොළඹ බලා යෑමට පිටත් වූහ.
 
 තම මෝටර් රථයේ ඉදිරි අසුනේ ඇයව වාඩි කරගත් ඔහු විටින් විට ඇයගේ පපු පෙදෙස සහ කලවා දෙස ඉතාමත් කෑදරකමකින් බැලූවේය. එලෙස බලන අතරතුර ඔහු ඇයට මෙලෙස ද පැවසුවේය.
 
 ”අද ඔයා ගොඩක් ලස්සනයි අමාලියා.”
 
 ”ඇයි සර් වෙනදට මම ලස්සන නැද්ද?.”
 
 ”ලස්සනයි. ඒ වුණත් අද ගොඩක් ලස්සනයි. මම ආසත් ඔයා ඔය විදිහට අඳිනවට.”
 
 එදින එම තරුණිය ඇඳ සිටියේ තරමක් කෙටි ගවුමකි. එම ගවුමට ඇයගේ කලවා පෙදෙස සහ පපු පෙදෙස මඳක් විවරව පෙනුණි. තමන් දෙස ගුරුතුමා කිහිප වරක් හොරරහසේ බලනු දුටුවත් ඇය එතරම් ගණන් ගත්තේ නැත. එහෙත් තම ගුරුතුමා අවසන් වර කිවූ කතාවට ඇයගේ සිතේ යම් චකිතයක් ඇති වූවාය. එහෙත් ඇය ඒ බව නොපෙන්නා තම ගුරුතුමාට මෙලෙස පිළිතුරු දුන්නාය.
 
 ”සර් ගෝලයින්ට කියන කතා.”
 
 ”ගෝලයා උනාට ලස්සන දෙයට ලස්සනයි කියන්න ඕනනේ.”
 
 එතැනින් නොනැවතුණ ඔහු දිගින් දිගටම අමාලියාව වර්ණනා කිරීමට පටන් ගත් අතර ඇය වෙනුවෙන් ඕනම දෙයක් කිරීමට තමන් සූදානම් බවත් පැවසීය. එලෙස පවසන අතර විටින් විට වැරදීමකින් මෙන් ඔහුගේ අත ඇයගේ ශරීරයේ වැද්දුවේය. අමාලියා ඉන් ඉතාමත් අසරණ භාවයට පත් වූවාය. එහෙත් ගුරු භක්තිය මත ඒ සියල්ල ඉවසුවාය.
 
 ඔහුගේ මුලික අරමුණ වූයේ කෙලෙස හෝ එම සිසුවියට ලිංගික අතවර සිදු කිරීමයි. එමනිසා ඔහු මුසා බසක් පවසා තලංගම කිඹුලාවල රථගාලක් තුළට තම මෝටර් රථය ඇතුල් කළේය. එලෙස ඇතුල් කළ මෝටර් රථය එම රථ ගාලේ පාළු ස්ථානයක නැවැත්තුවේය. ඉන්පසු ඔහු මෝටර් රථයෙන් බැස යළි එහි පිටුපස අසුනට ගොඩ වූයේය.
 
 අමාලියාට තම ගුරුතුමා සිදු කරන්නේ කුමක් ද කියා එකවර සිතා ගැනීමට නොහැකි වූවාය. එහෙත් තමන් කිසි දිනක ගුරුතුමාගේ නොසිතූ දෙයක් සිදුවීමට යන බව ඉවෙන් මෙන් ඇයට දැනුනාය. ගැහෙන හදවතින් යුතුව ඇය බලා සිටියේ ඉදිරියට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳවයි.
 
 මෝටර් රථයෙ පිටුපස අසුනට ගොඩ වූ එම ගුරුවරයා ඉදිරිපස අසුනේ වාඩි වී සිටි පාසල් සිසුවිය තමා ළඟට බලහත්කාරයෙන්ම ළං කරගත්තේය. එලෙස ළං කරගෙන ඇයගේ ශරීරය බලහත්කාරයෙන්ම සිප ගැනීමට පටන් ගත්තේය. ඇය ඉන් මිදීමට උත්සාහ කළාය. එහෙත් පලක් වූයේ නැත. වයස අවුරුදු දාහතක් පමණ වූ එම දැරියට වයස අවුරුදු හතළිස් නවයක් වූ ඒ අසහනකාරයාගෙන් ගැලවීමට ඉඩක් ලැබුණේ නැත. දිගින් දිගටම ඇයගේ ශරීරය ඔහු ස්පර්ශ කළේ ඇයට සෙලවීමටවත් ඉඩක් ලබා නොදෙමින්ය.
 
 දැරියගේ වාසනාවකට එම ස්ථානයේ සිටි ත‍්‍රීරෝද රථ රියැදුරෙක් මෙම සිද්ධිය අහම්බෙන් මෙන් දුටුවේය. වහාම ඔහු තලංගම පොලිසියට මේ බව දැන්වුවේය. එලෙස දන්වා විනාඩි කිහිපයක් ඇතුළත පොලිස් නිලධාරීහු එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවට ගත්හ.
 
 යම් හෙයකින් එම ත‍්‍රීරෝද රථ රියදුරා මෙම සිද්ධිය නොදුටුවා නම් මෝටර් රථය තුළදීම තම ගුරුවරයා අතින් එම පාසල් සිසුවියගේ ජීවිතයම විනාශ වන්නට ඉඩ තිබුණි.
 
 ගුරු වෘත්තියටත් නිගාදෙන මෙවැනි පහත් කාමාශාවන් ඇති ගුරුවරුන් තවත් සමාජයේ සිටී. එම නිසා ඔබගේ තරුණ දියණිය පිළිබඳ විමසිලිමත් වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment