සිසු සිසුවියන් 14කට කොරෝනා: තලෙයිමන්නාරම දෙමළ මිශ‍්‍ර පාසල වසා දමයි

65

තලෙයිමන්නාරම දෙමළ මිශ‍්‍ර පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසුව ඊයේ (02 දා) එම පාසල වසා දැමීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම පාසල සියලූ ශ්‍රේණි සඳහා විවෘත කළ දිනයේදී පාසලේ ශ‍්‍රමදානයක් සඳහා දෙමව්පියන් විශාල සංඛ්‍යාවක් පැමිණ ඇති අතර ඉන් දෙමව්පියන් දෙදෙනකුට හා පාසල් ළමුන් තුන්දෙනකුට කොරෝනා රෝගය වැළඳීමෙන් පසුව 50 දෙනකුගෙන් සමන්විත පිරිසක් පීසීආර් පරීක්ෂණවලට යොමුකොට තිබේ. පරීක්ෂණවලින් ලද ප‍්‍රතිපලවලට අනුව සිසුන් 14 දෙනකු සහ දෙමව්පියන් 15 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමෙන් පසුව එම පාසල ඊයේ (02 දා) සිට වසා දැමීමට තීරණය කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment