සිහින දිනවන මිලියන 5ක කතාව

166

තරඟකරුවන් දෙදෙනෙක්.. ප්‍රශ්න 7ක්.. ජයග්‍රාහකයින්ට මිලියන 5ක්. ඇත්තටම මේ කතාවේ තේරුම මොකක්ද?. ගොඩක් දෙනෙක්ට මේක නැවුම් අත්දැකීමක්. මේ දවස්වල හැමෝටම සල්ලි ප්‍රශ්න තියෙනවානෙ. ඔන්න ඉතිං ඒ ප්‍රශ්නයට සිරසෙන් පුංචි විසඳුමක් අරගෙන ඇවිත් තියෙනවා. හැබැයි නිකම්ම මේ සල්ලි අතට ගන්න බැහැ. තමන්ගේ දැනුම උරගා බලන්නම වෙනවා. එතකොට තමයි තමන් ඉදිරියේ තියෙන මිලියන පහ අතට අරගෙන මිලියනපතියෙක් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු කොහොමද ඒක වෙන්නෙ කියලා. 5 Million Money Drop කියන්නෙ දෙදෙනෙක් මිලියනපතියන් කරනා Gameshow එකක්.

සිහින දිනවන මිලියන 5ක කතාව

මේ වැඩසටහන එක්සත් ජනපදයේ සහ කැනඩාවේ Fox TV හරහා විකාශය වුණා. ඒ The Million Pound drop යන සන්නාමය යටතේ. මෙම සම්මානනීය Gameshow සංකල්පය, මේ වන විට රටවල් 50කට වඩා වැඩි ගණනක, වැඩසටහන් ලෙස ගත් කල 2,500කට වඩා වැඩි ප්‍රමාණයක් විකාශය වී තියෙනවා. ඒ විතරක් නොවෙයි, මෙම වැඩසටහන British Academy Film Awards උලළේදී දර්ශණීය ඩිජිටල් නිර්මාණශීලීත්වය ඇගයීම වෙනුවෙන් පවා සම්මාන ලබාගෙන තියෙනවා.

සිහින දිනවන මිලියන 5ක කතාව


ඒවගේම තවත් සම්මාන උළෙල රාශියකදී ”හොඳම විනෝදාස්වාදක වැඩසටහන” ලෙසින් සම්මාන දිනාගන්න මේ වැඩසටහනට හැකියාව ලැබී තියෙනවා. සිරස TV කියන්නෙ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව රියැලිටි වැඩසටහන් මෙන්ම Gameshow මෙරටට හදුන්වා දුන් පළමු නාළිකාව. ”Who wants To Be A Millionaire˜සහ ”The Voice˜ වැනි ජාත්‍යන්තර වරලත් වැඩසටහන් හා එක්ව සිරස ටීවී දේශීය හැඩයට ගැලපෙනා ආකාරයෙන් ”සිරස ලක්ශපති” සහ ˜The voice Sri Lanka˜ වැනි වැඩසටහන් ලංකාවට හඳුන්වා දුන්නා. එම වැඩසටහන් හරහා ලාංකීය දක්ෂයන් ජාත්‍යන්තර තලයට රැගෙන යන්න හැකියාව ලැබුණා. The Voice Teens  සහ  ˜Sri Lankazs Got Talent˜ යන වැඩසටහන් තාරුණයේ සිහින  යථාර්තවාදි මාවත් වෙත යොමුකරන ලද ජාත්‍යන්තර තලයේ අවකාශයන් වූ බව නොරහසක්. නූතන ටෙලිවිෂනයේ හැඩය උඩුයටිකුරු කරන සිරස TV  මීළඟ පෙරළිය වන්නේ, තරඟකරුවන්ට පමණක් නොවෙයි, නරඹන්නන්ටත් අවසාන මොහොත දක්වා හුස්මගැනීම පවා අමතක කරවන ස්වරූපයේ Gameshow වැඩසටහනක් හඳුන්වා දීමයි.

සිහින දිනවන මිලියන 5ක කතාව

මෙම වැඩසටහන මඟින් එක් දිනකදී රු. 5,000,000 දක්වා තරඟකරුවන් දෙදෙනකුට ලබාදෙන අතර අඛණ්ඩව පැවැත්වෙන වැඩසටහන් 50ක් තුළදී ජයග්‍රාහකයන් සඳහා රු. මිලියන 250ක මුදලක් වෙන් කිරීමට නියමිතයි. ජීවිත වෙනස් කරන මෙම Gameshow වැඩසටහන ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගනිමින් ඔවුන්ට අලුත්ම අත්දැකීමක් ලබාදෙන බවට නොඅනුමානයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment