සිහින දිනවන සිරසේ අලුත්ම රියැලිටිය

108

අන්තර් ජාතික ප්‍රතිය ලත් රියැලිටි වැඩසටහන් මෙරටට හඳුන්වාදීමේ ප්‍රමුඛයා වන සිරස ටීවී ආයතනයේ නවමු රියැලිටි වැඩසටහන වන්නේ සිරස 5 Million Money Drop වැඩසටහනය. සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට විකාශය වන මෙම වැඩසටහන ඉහළ විනෝදාශ්වාදයක් ලබාදෙන Games how වැඩසටහනකි. අන්තර් ජාතික සම්මාන රැසක් හිමිකරගෙන තිබෙන මෙම වැඩසටහන රටවල් 50කට වඩා වැඩි ගණනක, වැඩසටහන් 2,500කට වඩා වැඩි ප්‍රමාණයක් විකාශය වී ඇත.

එකිනෙකා හඳුනන තරඟකරුවන් දෙදෙනෙක් සාමූහිකව තරග වදින මෙහිදී තරගය ආරම්භයේදී රුපියල් මිලියන පනහක මුදලක් ලබා දී ඔවුන්ට වට හතකදී ප්‍රශ්න හතක් ලබා දේ. එහිදී ප්‍රශ්න එකේ සිට තුන දක්වා වටයේදී පිළිතුරු 4 ක් ද තුනේ සිට හය දක්වා වටයේදී පිළිතුරු 3ක් ද අවසන් ප්‍රශ්නයේදී පිළිතුරු දෙක බැගින් ද ලබාදෙනු ලැබේ. එම ප්‍රශ්නවලට අදාළ පිළිතුරු මත තරග කරුවන් අත ඇති මුදල් තැබිය යුතු වන අතර තම අභිමතය පරිදි පිළිතුරු හතරට ම මුදල් බෙදා තැබීම කළ හැකිය. එහිදි තරගකරුවන්ට පරෙස්සම් කර ගත හැකි වන්නේ නිවරදි පිළිතුර මත තැබූ මුදල පමණය. වැරදි පිළිතුර මත තබන සෑම මුදලක්ම ඔවුන්ට අහිමි වීම මෙම වැඩසටහනේ තිබෙන අපූර්වත්වයයි. පළමු වටයේ සිට ම ඉතිරි කරගන්නා මුදල ද ප්‍රශ්න හත අවසන් වන තෙක් ඊට අදාළ පිළිතුරු මත තැබීම මෙහි කොන්දේසියකි. තරගකරුවන්ට අවාසනයේ හිමිවන්නේ ප්‍රශ්න හත අවසන් වූ පසු ඉතිරිවන මුදලය.

advertistmentadvertistment
advertistmentadvertistment