සීඅයිඩී පස්වන තට්ටුවේ ජනේලයේ එල්ලී සිටි කත එකවර බිමට පැන්නා

359

රුපියල් හත් කෝටියකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි 45 හැවිරිදි කාන්තාවක් ඊයේ (11 දා) අලූයම 3.45ට පමණ එම දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගෙන ඇත.

ඊයේ අලූයම මෙම කාන්තාව වැසිකිළියට රැුගෙන ගිය අවස්ථාවේ එහි ජනේලයකින් පිටතට පැමිණ පස්වැනි මහලෙන් බිමට පැන මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්¥ව මහතා පවසයි.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව පෙරේදා (10 දා) දහවල් දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවා සිටියදී මෙසේ සියදිවි හානි කරගෙන අති බව නිහාල් තල්¥ව මහතා කියා සිටියි.

වැල්ලම්පිටිය, අංගොඩ, රාජගිරිය, වැලිකඩ ආදී ප‍්‍රදේශවල ණය දෙන සමිති පිහිටුවාගෙන ඇති මෙම කාන්තාව දිළිඳු කාන්තාවන්ට ණය ලබාදෙන බව කියමින් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවෙන් රුපියල් හයකෝටි අසූතුන් ලක්ෂ හතළිස් දහසක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

දිළිඳු කාන්තාවන්ට රුපියල් පනස් දහසක ණය මුදලක් ලබාදෙන බව කියමින් එම කාන්තාවන්ගේ තොරතුරු ලබාගෙන ව්‍යාජ ලිපි ලේඛන සකසා ඒවා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙත ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 10 සිට 20 දක්වා ණය මුදල් මෙම කාන්තාව විසින් ලබාගෙන තිබේ.

පසුව එම මුදල්වලින් රුපියල් පනස්දහස බැගින් මුදල් දිළිඳු කාන්තාවන් වෙත ලබාදී ඉතිරි මුදල් ඇය වංචනික ලෙස ලබාගෙන ඇත.

සැකකාර කාන්තාවගේ වංචනික කි‍්‍රයාව හෙළි වීමෙන් පසු රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

සැකකාර කාන්තාව ඉදිරිපත් කර තිබූ හැඳුනුම්පත්, ජංගම දුරකථන අංක ඇතුළු සියලූ තොරතුරු ව්‍යාජ ඒවා බැවින් ඇය පිළිබඳව තොරතුරු සොයා ගැනීමට පොලිසියට අපහසු වී තිබිණි.

සීඅයිඩී පස්වන තට්ටුවේ ජනේලයේ එල්ලී සිටි කත එකවර බිමට පැන්නා

පෙරේදා දහවල් මෙම කාන්තාව කළුබෝවිල ප‍්‍රදේශයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ පස්වැනි මහලෙන් බිමට පැන සියදිවි හානි කරගැනීම පිළිබඳව කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර මෙම කාන්තාව භාරව සිටි පොලිස් නිලධාරිනියන් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment