සීකුගේ මැජික් ප‍්‍රහාරයකින් කොළඹට ජය ගෙනෙයි

519

අවසන් පන්දු 12කදී ලකුණු 31ක් ලබා ගැනීමේ අභියෝගයට පිළිතුරු ලෙස සීකුගේ ප‍්‍රසන්න එල්ල කළ හයේ පහර 5 හමුවේ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී කඩුලූ 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කළම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත්විය. එ් අනුව මෙවර එල්.පී.එල්. තරගාවලියේ වාර්තා කළ 3වැනි ජයග‍්‍රහණය වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත්විය.

ලකුණු 146ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොළඹ කණ්ඩායම එක් අවස්ථාවකදී පන්දුවාර 12කදී කඩුලූ 4ක් දැවී ලකුණු 61ක් ලබා සිටියේය. එ් අනුව කොළඹ ඉනිම පරාජයේ මාවතින් ජයග‍්‍රාහී මාවතට රැුගෙන ආ දිනේෂ් චන්දිමාල් සහ ෂෙර්ෆේන් රුතෆෝඞ් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක ලකුණු සම්බන්ධතාවක් එක් කළේය. තරගයේ 17 වැනි පන්දුවාරය කි‍්‍රයාත්මක කළ සචිඳු කොළඹගේ එම පන්දුවාරයේ පස්වනි පන්දුවේදී ලකුණු 44ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් දවා ගැනීමත් සමගින් නැවතත් තරගයේ වාසිය කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට ලැබිණි.

අනතුරුව පිටියට එක් වූ සීකුගේ ප‍්‍රසන්න සිය මැජික් ඉනිම දියත් කරමින් තමන් මුහුණ දුන් පන්දු 6න් පන්දු 5ක්ම හයේ සීමාවෙන් එපිටට යවමින් කොළඹ කණ්ඩායමට ජයග‍්‍රහණය ගෙන එ්මට සමත්වූයේ කැන්ඩි වොරියර්ස් අතේ තිබුණු ජය නැවතත් කොළඹට උදුරා දෙමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇන්ජලෝ පෙරේරා ප‍්‍රමුඛ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 146ක් රැුස් කළේය. කැන්ඩි ඉනිමට වේගවත් ආරම්භයක් ගෙන දුන් කෙනර් ලෙවිස් සහ චරිත් අසලංක පළමු කඩුල්ලට පන්දුවාර 8.1කදී ලකුණු 77ක් එක් කළේය.

එම වේගවත් ඉනිමට තිත තැබූ නවීන් උල්හක් චරිත් අසලංක ලකුණු 28කට දවා ගැනීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර කෙනර් ලෙවිස් ලකුණු 62කට පිටියෙන් ඉවත් කළේය.

දුෂ්මන්ත චමීර ලකුණු 35කට කැන්ඩි ඉනිමේ කඩුලූ 4ක් බිඳ දැමීමට සමත් වූ අතර අශාන් ප‍්‍රියන්ජන්, සීකුගේ ප‍්‍රසන්න, රවී රාම්පුල්, නවීන් උල්හක් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිඳ දැමීය.

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20දී කඩුලූ 9ක් දැවී ලකුණු 146යි (කෙනර් ලෙවස් 62, චරිත් අසලංක 28, නිමේෂ් විමුක්ති 12, දුෂ්මන්ත චමීර 35/4)

කළම්බු ස්ටාර්ස් පන්දුවාර 19.4කදී කඩුලූ 5ක් දැවී ලකුණු 150යි (ඇන්ජලෝ මැතිව්ස් 29, දිනේෂ් චන්දිමාල් 44, සීකුගේ ප‍්‍රසන්න (නොදැවී) 32, නිමේෂ් විමුක්ති 11/2)

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment