සීගිරිය උද්‍යානයක් මෙන්ම බලකොටු නගරයක්: පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්

472

සීගිරිය බලකොටු නගරයක් බව මෙතෙක් කරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද තමාගේ පෞද්ගලික මතය ද එය බව ද පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දිවයින කළ විමසීමේදී කියා සිටියේය.

සීගිරිය පිළිබඳව ඓතිහාසික කැණීම්වලින් බොහෝ සාධක සොයාගෙන ඇතැයි ද ඒ මහතා කීය.

එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි එච්. සී. පී. බෙල් මහතා මේ පිළිබඳ අපූරු ගවේශෂණ සමුදායක් සිදුකර ඇත. ක්‍රිස්තු පූර්ව 3 සහ 5 වන සියවසේ අග භාගයේදී කාශ්‍යප රජ සමයේ මෙය ඉදිකළ බවට විශ්වාස කෙරේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ද දිගු කාලයක් තිස්සේ ඓතිහාසික සීගිරිය පිළිබඳ සිදුකළ ගවේෂණවලදී බොහෝ කරුණු හෙළිවී තිබේ.

සීගිරිය සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවත් අනුර මනතුංග මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment