‘සීතා’ ට එල්ලවූ වනජීවි වෙඩිල්ල

327

යකඩ මූනිස්සම් භාවිතා කරලා! – ඇතින්නියගේ හිමිකරු
අලියා පැන්නීමට නොව මැරීමේ අදහසින් තිබ්බාද යන්න සැකයක්
මහාචාර්ය අශෝක දංගොල්ල

මහියංගනය විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර මංගල්‍යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි ‘සීතා’ නමැති ඇතින්නට රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබූ සිවිල් ආරක්ෂක භටයා සිය රාජකාරී ඉටුකිරීමේදී විනය විරෝධී ක්‍රියාවක් සිදුකර ඇත්නම් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

පෙරහැර සඳහා විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන් සහභාගි කරවා ගන්නා අතර ප්‍රදේශයේ වල් අලින් බහුලව සැරිසැරීම හේතුවෙන් අලින් පළවා හැරීමේ කණ්ඩායමක් විහාරස්ථානයේ ස්ථාපනය කරන ලෙස මහියංගනය විහාරාධිපති හිමියන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. එම ඉල්ලීමට අනුව වනජීවී නිලධාරීන් සමග වල්අලි පළවා හැරීමට පැමිණි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මහවැලි ගඟ අසබඩ ගාල්කර සිටි සීතා නමැති ඇතින්න වල් අලයකු යැයි සිතා අලුයම 3.15 ට පමණ උණ්ඩ යොදාගෙන ඔහු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර විනය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසයි. මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරන ලෙස තමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටී.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ අවුරුදු 48 ක් වයසැති ‘සීතා’ නමැති ඇතින්නයි. සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පශු වෛi නිලධාරීන් ඇතින්නට ප්‍රතිකාර සිදුකර තිබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛi පීඨයේ වෛi මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කියා සිටියේ ඇතින්නගේ සිරුරේ වෙඩි උණ්ඩ 04 ක් 05 ක් පවතින බවය. පපුව ප්‍රදේශයේ හෘද වස්තුව ආශ්‍රිතව වැදී තිබෙන වෙඩි ප්‍රහාර හොඳ නැති බවත් මෙම වෙඩි තැබීම අලියා පැන්නීමට නොව මැරීමේ අදහසින් තිබ්බාද යන්න සැක බවත් වෛiවරයා කියයි. රබර් උණ්ඩද ජීව උණ්ඩද යන්න පිළිබඳව සැකයක් පවතින බවත් ඇතින්නගේ ශරීරය තුළ පවතින උන්ඩ පිටතට ගැනීමෙන් පසු යමක් ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා ‘දිවයින’ ට පැවසීය.

සැකකාර භටයා අත්අඩංගුවට ගෙන මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇති අතර ඔහු ලබන (10 වැනිදා) අධිකරණය හමුව් පෙනී සිටිය යුතු බවට නියෝග කර ඇති බවත් මහියංගනය පොලිස් ස්ථානාධිපති රොෂාන් විජේරත්න මහතා පැවසීය. සිවිල් ආරක්ෂක භටයා බීමත්ව සිටියේද යන්න දැනගැනීම සඳහා ඔහුගේ ලේ සාම්පලයක් මහියංගනය රෝහලට ලබාදී ඇති බවත් එහි වාර්තාව අද (02දා) ලැබීමට නියමිත බවත් හෙතෙම කීවේය.

සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන වාර්තාවීමත් සමඟ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාද ඇතින්නගේ සුවදුක් බැලීමට පැමිණ ඇත. ඒ සම්බන්ධයෙන් දියවඩන නිලමේවරයාගෙන් කළ විමසීමකදී කියා සිටියේ වෙඩි තැබීමට පෙර අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග සිදුකර ඇතිද ඒ සඳහා අනුමතිය දුන්නේ කවුද, ආරක්ෂාවට ගිනි අවි අතැතිව සිටි සිද්ධියට සම්බන්ධව එම ස්ථානයේ රාජකාරි කළ කිහිප දෙනාගේම රුධිර සාම්පල් පරීක්‍ෂා කිරීම, හිස් පතරොම් කොපුව සොයා ගැනීම ඇතුළු කාර්යයන් කිහිපයක් ගැන අවධානය යොමු කළ යුතු බවයි.

මහියංගනය රජමහා විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවට වන අලින්ගෙන් ඇතිවිය හැකි හානි මැඬපැවැත්වීමේ අරමුණින් යොදවා සිටි වනජීවී නිලධාරීන් විසින් අලි පලවා හැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකරන වෙඩි තැබීමකදී එම වෙඩිල්ලක් පෙරහැරට

රැගෙන විත් සිටි හීලෑ ඇතින්නකට වැදී තුවාල සිදුව ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. ජී. පී. සූර්යබණ්ඩාර මහතා කියා සිටී.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛiවරයකු යොදවා එම ඇතින්නට මූලික ප්‍රතිකාර ලබාදුන් බවත් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අදාළ ආයතනවල නියෝජනයක් සහිත නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්‍ෂණ සිදුකිරීමටත් එම පරීක්‍ෂණයන් මගින් අනාවරණය වන කරුණු ඇසුරෙන් ලබාදෙන නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment