සීනි – පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීමට හදිසි නීතිය ගෙනඒම වී ඇටයක් කුඩු කරන්න කුළු ගෙඩියක් ගන්නව වැනි වැඩක්

121

සීනි – පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීමට හදිසි නීතිය ගෙනඒම වී ඇටයක් කුඩු කරන්න කුළු ගෙඩියක් ගන්නව වැනි වැඩක් යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07දා* පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

මේ ආණ්ඩුවට කොරෝනා අර්බුදයක් ආර්ථික අර්බුදයක් කළමනාකරණය කරන්න බැහැ. ආණ්ඩුව ඊයේ හදිසියේම මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතියේ විධිවිධානයන් සම්මත කරගත්තා. කොවිඞ් මර්දනයට හදිසි නීතිය අවශ්‍ය වන්නේ කොහොමද කියන එක මේ අවස්ථාවේ තිබෙන ගැටලූවක්. කොවිඞ් යනු වසංගතයක්. එය මර්දනය කර ගැනීම සඳහා අපේ රටේ ඕනෑ තරම් නීති ප‍්‍රතිපාදන තිබෙනවා. වසංගත රෝග නිවාරණ පනත තියෙනවා මේ පනත යටතේ කටයුතු කරන්න පුළුවන්.

හාල්, පිටි, සීනි, පරිප්පු, ඇතුළු භාණ්ඩවල මිල අඩු කරන්න හදිසි නීතිය යටතේ තීන්දු තීරණ නීතිමය විධිවිධාන අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය පනත තියෙනවා එය විශාල බලවත් පනතක්. ඒ තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම තොග සඟවා ගැනීම වැනි කාරණා වලට මිල පාලනය වැනි දේවල් කරන්න. අපේ රට තුළ ස්ථාපිත වෙච්ච ඕනෑතරම් අණපනත් නීතිරීති තිබියදී ආණ්ඩුව කඩිනමින් මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති විධානයන් රාශියක් පනවා ගනු ලැබුවා. අපිට දැනගන්න අවශ්‍යයි ආණ්ඩුවට සැබෑ වශයෙන්ම අවශ්‍ය වන්නේ වසංගතය හමුවේ මේ රටේ රෝගීන් සුවපත් කරන්න ද? ජනතාව ජීවත් කරවන්න ද? ඔවුන්ට සහනදායි ලෙසට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ද? එසේ නැත්නම් ආණ්ඩුව ත‍්‍රස්තවාදයෙන් මර්දනයෙන් මේ වසංගතය හරහා තමන්ට අවශ්‍ය වන වැඩ කටයුතු ටික කරගන්න අවශ්‍ය බලය තමන් අතට ලබා ගැනීමද? මේ අවස්ථාවේදී අපි ආණ්ඩුවෙන් අහනවා.

අද ගුරුවරුන් මාධ්‍යවේදීන් සමාජ ක‍්‍රියාකාරීන් කම්කරුවන් මේ රටේ විවිධ ක්ෂේත‍්‍ර වල ක‍්‍රියාකාරීන් ආණ්ඩුවට විරුද්ධව ආණ්ඩුවේ ක‍්‍රියා කලාපයන් විවේචනය කිරීමේ වරදට අත්අඩංගුවට ගන්නවා. ගුරුවරුන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්න තරම් කරපු සාහසික වරදක් ද මේ කරන්නේ. කොතලාවල පනතට විරුද්ධව එළියට බහින විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගන්නා තරම් වරදක් ද ඔවුන් කරන්නේ කොවිඞ් පාලනය පිළිබඳව අද යම් යම් මතවාද ඉදිරිපත් කරන සෞඛ්‍යය පිළිබඳව මතවාදය ඉදිරිපත් කරන වෛද්‍යවරුන්ගේ ප‍්‍රශ්න කරන්න පටන් අරගෙන තියනවා. එන්නත්කරණය ගැන විවිධ ප‍්‍රකාශ කරද්දී ඒ අයව අත්අඩංගුවට ගන්න හදනවා.

පී. සී. ආර්. පරීක්ෂණ කරද්දී වැඩි මිලට කරන්නේ ඇයි කියලා ප‍්‍රශ්න කරපු වෛද්‍ය ජයරුවන් මහත්තයා ජනතාවාදී කඳවුරේ සිටගෙන කටයුතු කරේ. වෛද්‍ය ජයරුවන් මහත්තයා ප‍්‍රශ්න කරන්න අද කැඳවලා අද මර්දනය කරන්න අවශ්‍ය වෙනත් බලය මර්දනය කරන්න තමයි මේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය අතට ගෙන තියෙන්නේ ප‍්‍රශ්නය තියෙන්නේ ජනතාව ජීවත් කරමින් හාල් පිටි සීනි පරිප්පු මිල පාලනය කරන්න හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ නැහැ. මෙය තනිකරම වී ඇටයක් කුඩු කරන්න කුළු ගෙඩියක් ගන්නව වගේ වැඩක්. නමුත් ජනතාව ජීවත් කරනවා සියල්ල බලා ගන්නවා කියලා බලයට ආවේ. නමුත් මේ ආණ්ඩුව අද හැකියාවක් නැති වෙලා හාල් පිටි සීනි පරිප්පු ටික මිල පාලනය කරන්න. අද ජනතාවට අපේ ආණ්ඩුව කාලේ රු. 85ට තිබුණු සීනි 230 ට අදටත් විකුණනවා මේ අය අද විශාල නාට්‍යයක් පෙන්නනවා.

තමන්ගේ ගජමිතුරන් විසින් රුපියල් 50කට අපි පනවා තිබූ බද්ද ශත 25 ට අඩු කරලා අවුරුදු ගාණක් අපේ රටට අවශ්‍ය වෙන සීනි ප‍්‍රමාණය රටට ගෙනල්ලා ගබඩා කරන්න ගජමිතුරන්ගේ අවස්ථාව සලසා දුන්නා. මේ රටේ තියෙනවා ද සීනි 85 ද? රු. 225ට විකුණුන මාර්ගය පෙන්වා දුන්නේ මේ ආණ්ඩුව. ආණ්ඩුව දැන් යනවා හොරා පොලිස් සෙල්ලම කරන්න. එසේ කරලා හොරාව අල්ලගෙන දඬුවම් දෙන්නේ නැහැ. ඒක මේ ගජ මිතුරන් තමයි සීනි ඇතුළු බඩු භාණ්ඩ ගෙන්වන්නේ ගජ මිතුරන්ට ගෙන්වගන්න බදු සහනය දෙන්නේ ආණ්ඩුව. රුපියල් 50ට තිබුණු බද්ද ශත 25 ට අඩු කරන්නේ ආණ්ඩුව.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment