සීනි පැණි රස ගොඩේ ඩොලර් මිලියන 220ක් දියවෙයි

257

සීනි සහ රසකැවිලි මෙරටට ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස පහේ දී ඇමරිකානු ඩොලර් මිලියන 220.5කට මුදලක් වැය වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලයේ දී සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 98.6කි. ඒ අනුව මෙම වර්ෂයේ මුල් මාස පහේ දී සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා ඉකුත් වර්ෂයේ (2022) මුල් මාස පහට වඩා ඩොලර් මිලියන 121.9ක මුදලක් වැය වී ඇති බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

මෙම වර්ෂයේ මැයි මාසයේදී පමණක් සීනි හා රස කැවිලි ආනයනය කිරීමට ඩොලර් මිලියන 59.8ක මුදලක් වැය වී ඇත. 2022 වර්ෂයේ මැයි මාසයේ දී සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා වැය වී ඇත්තේ ඩොලර් මිලියන 12.8කි. ඒ අනුව ඉකුත් වර්ෂයේ මැයි මාසයට වඩා මෙම වර්ෂයේ මැයි මාසයේ දී සීනි හා රසකැවිලි ආනයනය කිරීමට ඩොලර් මිලියන 47ක් වැය වී තිබේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment