සීනි බදු පාඩුවට වගකිව යුතු දේශපාලනඥයන්ටත් දඬුවමක් දිය යුතුයි – හසිත් ගුණසේකර

100

සුප්‍රකට සීනි වංචාවට අදාළව අහිමිවූ රු. බිලියන 16 න් 24%-30% ත් අතර මුදලක් ආදායම් බදු ලෙස අදාළ සමාගම් වලින් අයකර ගැනීම හොඳ පියවරක් බවත් ඒ සමඟ ඒ බදු සහනය ලබාදීමට වගකීමකින් තොරව ක්‍රියාකළ එදා රජයේ පදවි දැරූ දේශපාලනඥයන්ගෙනුත් යම් ප්‍රමාණයක් අයකර දඬුවමක් දීම කළයුතු බව සමගි ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පැවැසීය.

මහර ගෝනහේන ප්‍රදේශයේ පැවැති හමුවකදී අදහස් දැක්වූ ගුණසේකර මහතා, වැඩබලන මුදල් ඇමැතිවරයා මෙම ගන්නා පියවර ක්‍රියාත්මක වනතුරු එය ඉටුවේදැයි කියන්නත් බැහැ. එදා ‘බදු’ මගඩියක් සිදුවෙච්ච බවට රට පුරා ජනමතය නැගෙන විට රට කරපු එවක ජනපති හා අගමැති ඇතුළු වගකිව යුතු ඇමැතිවරු කසාය බීපු ගොලුවන් සේ හැසිරුණ හැටි අපි දැක්කා. ‘බදු සහනය’ ලබාදීමට ඔවුන්ගේ මැදිහත්වීමක් එදා තිබිච්ච බවක් ද කියවුණා. ඒවායේ ඇත්ත නැත්ත එදා සැඟවුණා. රුපියල් 50 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ ශත 25 දක්වා පහත දැම්මත් ආදායම් බදු අඩුකිරීමේ වාසිය ජනතාවට අහිමි කොට ආනයනකරුවන් අත තබා ගැනුණා. මේ හෙළිවූ එකක් පමණයි. මේ වාගේ තවත් ගනුදෙනු වලින් රටට වෙච්ච හානිත් බලන්න ඕනෑ යැයිද ඔහු කීය.

advertistmentadvertistment
advertistmentadvertistment