සීනි සොයා ගිය ඇඹලයා – නවීන පංචතන්ත‍්‍රය

336

එක ගම මෑන්ස් කෙනෙකුගේ බංගලෝ එකේ පැන්ටි‍්‍රය අනවසරයෙන් අල්ලාගෙන ඇඹලයෙක් සුපිරි ලයිෆ් එකක් ගෙවමින් හිටියා. සුපිරි ලයිෆ් එකක් ගෙවනවා කිව්වේ ගම මෑන්ස් මොනවද කන්නේ බොන්නේ ඒ හැමදේකම ෂෙයාර් එක ඇඹලයාටත් ලැබෙනවා ! අද කාලයේ එහෙම සැපක් ලැබෙන්නේ කාටද? හදාවඩාපු අම්මා අප්පාටවත් කෑම ටිකක් නොදී තනිවම ගිලින බඩජාරියෝ බිහිවෙලා ඉන්න කාලෙක !

 ගම මෑන්ස් ස්වීට් කන්න හරිම මනාපයි ! කොටින් කියනවා නම් ප්ලේන්ටියක් ගැහුවත් තොල් දෙක සීල් වෙන සයිස් එකට ඒකට සීන් දාලා තියෙන්න ඕනෑ ! බූන්දි, මස්කට්, බිස්කට්, කිරිපැණි හැමදාම ඩෙසර්ට් එකට තියෙන්න ඕනෑ !

 හාම්පුතා නොහොත් ගම මෑන්ස්ගේ මේ ඩයට් හැබිට් එක හින්දා ඇඹලයාගේ ලයිෆ් එකත් හරිම ස්වීට් ! මොකද කියනවා නම් ගමයා කන හැමදේකම ෂෙයාර් එක ඇඹලයාටත් ලැබෙනවා නේ ! එහෙම ලැබෙනවා කියන්නේ ගම මෑන්ස් ටේ‍්‍ර එකක තියලා ගෙනත් ඇඹලයාට සර්ව් කරන්නේ නෑ !. ගමයාගෙන් වැටෙන දේ ඇඹලයා අහුලාගෙන කනවා ! හරියට දේශලපාලනඥයාගේ කොටේ ඇම්බැට්ටයා ගිලිනවා වගේ. ඇමතිලා මන්ත‍්‍රීලා චිකන් කනකොට විස්කි බොනකොට කටු ටික මණ්ඩි ටික ඇම්බැට්ටයාටනේ. හෙහ් ! කටු වුණත් චිකන් නේ ! මණ්ඩි වුණත් විස්කිනේ ! ඒ වගේ ගමයාත් ස්විට්ස් කනකොට වැටෙන හැලෙන දේවල් බුදින්නේ ඇඹලයා ! වැටුන හැලූන දේවල් අහුලාගෙන කෑවත් ගම මෑන්ස් බුදින දේවල්මනේ ඇඹලයා බුදින්නේත් !

සීනි සොයා ගිය ඇඹලයා - නවීන පංචතන්ත‍්‍රය

හිරවෙන්න වදින මේ සප් එක හින්දාම දැන් ඇඹලයා දිමියෙකුගේ සයිස් ! නොදන්න කෙනෙකුට එක පාරටම අඳුනාගන්න බෑ මූ ඇඹලයෙක්ද දිමියෙක්ද කියලා !

 මේ විදිහට සැපෙන් සොමියෙන් ආතල් එකේ ලයිෆ් එක ගෙවාගෙන යද්දී එක පාරටම බංගලෝ එකේ ස්විට් පාරිභෝජනයත් බිංදුවටම වැටුනා ! වෙනදා සීනි බෝතලේ පියන ඇරලා තිබුණා නම්…. බඩ උල් වෙන්න ඩයට් පාරක් දාගන්න තරම් බඩු තිබුණා. ! අද ….. බෝතලේ හරියේ සීනි ඇටයක් නෑ ! උන්නහිටිය හැටියේ සිද්ධ වුණ මේ අංජබජල් සිටුවේෂන් එක ගැන ඇඹලයාටත් හිතා ගන්න බෑ. මොනවා වුණත් කවුරු හරි මොකක් හරි අංඥකොරොස් රොබරියක් දීලා තමයි ! නැත්තං බෝතලේ සීනි ඇටයක් නැතුව යන්න බෑනේ. ඉතිං කඩා වැටුන මේ ලයිෆ් ස්ටයිල් එක ආයෙත් පරණ පුරුදු විදියට ඩබල් කරගන්නේ කොහොමද කියලා ඇඹලයා කල්පනා කරන්නට වුණා !. හරි ! මෙහේ බඩු නැත්තං තවත් මෙතන ලගින එකේ තේරුම මොකක්ද? අපායේ වුණත් කමක් නෑ බෙල්ල ගාවට සප් එක වදිනවා නම් ! පැණීරහ කෑමට ඇඞ්ක්ට් වෙලා හිටපු ඇඹලයා බෙල්ල ගාවට සීනි ඩයට් එකක් දා ගන්න පුළුවන් තැනක් හොයාගෙන යනවා යැයි සිතා ගම මෑන්ස්ගේ බංගලෝ එකෙන් එළියට බැස්සා!

 ඇඹලයාට වැඩි දුරක් යන්නට ලැබුනේ නෑ ! තද සන්ලයිට් එක නිසාත් ගහක් කොළක් නැති තරමටම පරිසරයට ගේම දීලා තිබුණ නිසාත් වැඩි දුරක් යන්නට මත්තෙන් ඇඹලයාට ක්ලාන්ත ගතියක් දැනෙන්නට වුණා !

 ෂවර් එකකින් වතුර ගලනවා වගේ දාඩිය ගලන්නට පටන් ගත්තා. ශරීරය අප‍්‍රාණික වෙලා හරියට කොන්ත‍්‍රාත් කාරයෙක් හදාපු ආණ්ඩුවේ බිල්ඩිමක් වගේ එක පාරටම කඩා වැටුණා !

 මේ සීන් එක ඒ ළ`ග තිබුණ කඩි ගුලක සීසීටීවී එකකින් පෙනුනා ! පටස් ගාන කොට කඩි ගුල ඇවිස්සුනා. එක පෙලට එක දිගට කඩි බැටෑලියන් එක ස්ලිං ගානකොට ඇඹලයා ළ`ගට ආවා.

 මොකද මල්ලී ….. අප්සට් එක? බ්‍රේක් වොෂර් ගියාද? කිංග් පිං ගියාද? ජ්වලන පද්ධතියේ දෝෂයක්ද? දහ නවයයි අනූවට කෝල් කරන්නද, සපෝට් එකට ආ කඩි ටික හැල්ප් එක දෙන්න කතා කළා!

 එපා එපා ! පොඩි අප්සට් එකක් ! එකපාරටම සීනි නැග්ගා !.

 ඒකනේ අබිලික් එක !….පනහට තිබුණ බද්ද සත විසිපහට බස්සලත් සීනි නගින එකනේ වැඬේ, එකෙක් කිව්වා.

 කෝකටත් එෆ් බී සී චෙකප් එකක් කරලා බලපාං …..

 ඕකට එෆ් බී සී කරලා විතරක් මදි …. ප්‍රෙෂර් එකත් බලපං එස් ජී ඕ ටී, එස් ජී පී ටී, කි‍්‍රයේටීනයින් ඔය ඔක්කොම එක්ක ෆුල් චෙකප් එකක් ගනිං.

 නෑ…. නෑ…. එහෙම ෆුල් චෙකප් එකක් ඕනේ නෑ සීනි පාරක් කටට වැටුනා නං ලෙඬේ ඉවරයි.

 යාන්තං ඔළුව උස්සාගත් ඇඹලයා කිව්වා.

 හරි ! එහෙම ලෙඬේ හොඳවෙනවා නම් මං උඹව ගිහිං දාන්නං සීනි ස්ටෝර් එකකට ! වරෙං මාත් එක්ක, කඩි බැටැලියන් එක ඇඹලයා උස්සාගෙන ල`දු ප`දුරු අස්සෙන් නියම ප්ලේස් එකකට ගෙනාවා ! අඬේ අප්පා යකෝ මුළු පෘථීවියටම බෙදන්න මෙතන සීනි තොග තියෙනවානේ

 සීනි ගන්න මාර පෝලිමක්නේ.

 උඹට වැරදුනා මල්ලී මේ පෝලිම සීනි ගන්න නෙමේ සීනි වලින් හදන සීනි කරිඤ්ඤං ගහන්න !.

 ඇඹලයා නියම පොට් එකකට දැමූ කඩි ගැන්සිය මාරු වෙලා යන්න ගියා. ඇඹලයා කොහොමද දන්නවද සීනි ගොඬේ බල්ටි ගහමින් ගේම දෙනවා ! කඩි ගැන්සියට තැන්ක් යූ මචං ලා ! වැඩි දවසක් ගියේ නෑ සීනි කරිංඤ්ඤංකාරයා වඩිය ගහන්න ඇඹලයා හිටිය ගෝනියත්් වතුර බැරල් එකකට හැලූවා. ඊට උඩින් යීස්ට් බෙලෙක්ක දෙකකුත් වතුරට දාලා ගෝනියකිනුත් වහලා යන්න ගියා !

 සීනිත් සමග වතුරේ ගිලූන ඇඹලයා මියැදෙන්නට පෙර මරු විකල්ලයෙන් මෙහෙම කිව්වා

 මට මං ගැන දුකක් නෑ …. ඒත් මට දුක සීනි නැතුව ගියොත් කරිඤ්ඤං ගහන්න අර පෝලිමේ ඉන්න සිය ගණනක් එවුන් ගැන !

 ආදර්ශය : මරණාසන්නයේදී වුණත් ඇඹලයෝ දුක්වන්නේ සීනි හි`ගයක් ආවොත් අසීරුවට පත්වන කසිප්පුකාරයන් ගැනය

සීනි සොයා ගිය ඇඹලයා - නවීන පංචතන්ත‍්‍රය



 *  සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment